සිසුවියන් දෙදෙනකුට අතවර කළ හොරණ පදිංචි ගණිත ගුරා උසාවියට

1491

පාසලක ගණිත ගුරුවරයකු පාසල් සිසුවියන් දෙදෙකකුට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත එම ගුරුවරයා අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි හොරණට ආසන්න ප්‍රදේශයක පදිංචි ගණිත ගුරුවරයෙකි. ළමා ආරක්ෂණ අධිකාරී නිලධාරීන් වෙත සිසුවියන්ගේ දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ළමාආරක්ෂණ අධිකාරී නිලධාරීන් විසින් පෙරේදා (29 දා) සවස 2.00 ට පමණ හොරණ මූලස්ථාන පොලිසිය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. ඉන්පසු මෙම ගුරුවරයා සවස 6.00 ට පමණ අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇත. 2024-10-04 දින විවේකාගාරයේ දී 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකගේ ද, 2025-10-07 දින 14 හැවිරිදි සිසුවියකගේ ද

ශරීරය ස්පර්ශ කළ බවටත් නිලධාරින් විසින් යොමුකරන ලද පැමිණිලේ සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි. සැකකරු ඊයේ (30 දා) හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගල්පාත චන්දන


advertistmentadvertistment