ඥානක්කාගේ නිවසට හා හෝටලයටත් ගිනිතබති

202

අනුරාධපුර නගරය ආසන්නයේ ප්‍රභූවරුන් යන එන දේවාලයක් පවත්වාගෙන යන ‘ඥානා’ නමැති කාන්තාවකට අයත් නිවසකට සහ තරු පන්තියේ සංචාරක හෝටලයකට ඇතුළු වූ පිරිසක් ඊයේ (10 දා) අලුයම එම නිවසට සහ හෝටලයට පහරදී අලාභ හානි සිදුකර ගිනි තැබූහ.

අනුරාධපුර සංඥා බළකා කඳවුර ආසන්නයේ නව නුවර මාර්ගයේ පිහිටා ඇති එම නිවස සහ එම මාර්ගයේම වෛi බළකා කඳවුර අසල පිහිටා තිබූ ඇයට අයත් යැයි කියන සංචාරක හෝටලයට ඇතුළු වූ පිරිස් එහි තිබූ ගෘහ භාණ්ඩවලට අලාභ හානි සිදුකර ගිනි තැබූහ. එම ප්‍රහාර එල්ල වන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සහ යුද හමුදාවේ පන්සියයකට වැඩි පිරිසක් එම නිවස අසල රාජකාරියේ යොදවා තිබුණු ආකාරය ද මෙහි දී දැකගත හැකි විය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment