සුනඛයකුට සිවුරක් පොරවා බුදු දහමට නිගා කළ චීවරධාරියාට ඇප

753

සුනඛයකුට චීවරයක් පෙරවීම හා බොදු දහමට අපහාස වන ආකාරයෙන් හැසිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි රත්නපුරේ විශ්ව බුද්ධි නමැති චීවරධාරියා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (09දා) නියෝග කළේය.

එම චීවරධාරියාට විදේශ රටවලින් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලැබී ඇති ආකාරය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ විමර්ශන ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති නමුත් දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ විමර්ශන කිරීමේ හැකියාව ඇති බව විමර්ශන නිලධාරීන්ට පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය ලබන මාර්තු 27 වැනිදා තම අධිකරණයට වාර්තා කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් එදින දක්වා නඩුව කල් තැබීමට නියෝග කළේය.

නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment