ත්‍රිත්ව ක්‍රීඩකයෝ අඛණ්ඩව දෙවැනි වරටත් ශූරයෝ වෙති

221

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලැබූ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ පෙරේදා (21 දා) සමත් වූහ.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව කඩුලු 2ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ එම ශූරතාවයට හිමිකම් කීහ.

පසුගිය වසරේ ද ශූරයන් වූ ත්‍රිත්ව ක්‍රීඩකයන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලය සියලු දෙනා දැවී ලකුණු 135ක් ලබා ගත් අතර කඩුලු 8ක් දැවී පන්දු 63ක් ද ඉතිරිව එම ඉලක්කය පසුකර යෑමට ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් වූහ.

ලකුණු සාරාංශය

සාන්ත ජෝසප් විද්‍යාලය – සියලුම දෙනා දැවී 135 (50) අවීෂ සමාෂ් 20, මානස මධුභාෂණ 37, ලහිරු අමරසේකර 21, දිනුක තෙන්නකෝන් 2/36, තරණ විමලධර්ම 3/22, මලිත් රත්නායක 2/26

ත්‍රිත්ව විද්‍යාලය – කඩුලු 8ක් දැවී 139 (39.3) සුපුන් වඩුගේ 60, ජයවි ලියනගම නොදැවී 16, නුශාන් පෙරේරා 2/25, යෙනුල දෙව්තුස 3/32

advertistmentadvertistment
advertistmentadvertistment