ධුරයෙන් ඉවත් වීමට එන බලපෑම්වලට එරෙහිව සටන් වදින බව එංගලන්ත අගමැතිවරයා කියයි

172

කොරෝනා වසංගත සමයේ රට අගුලූ දමා (ලොක්ඩවුන)* තිබියදී අගුලූ දැමීමේ නීති රීති කඩ කරමින් මත්පැන් සාද පැවැත්වීමේ හා එම සාදයකට සහභාගී වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් තමාට අගමැති ධුරයෙන් ඉවත් වන ලෙසට එල්ල වෙමින් පවතින බලපෑම්වලට එරෙහිව සටන් වදින බවට ප‍්‍රතිඥා දී තිබේ.

එංගලන්තය අගුලූ දමා තිබූ 2020 වසරේදී එම අගුලූ දැමීමේ නීති රීති කඩ කරමින් මත්පැන් සාදයකට සහභාගී වී ඇති බව අනාවරණය වී ඇති අගමැති බොරිස් ජොන්සන්ට අගමැති ධුරයෙන් ඉවත් වන ලෙසට ඔහු නියෝජනය කරන කොන්සර්වේටිව් පක්ෂයෙන්ම එල්ල වන බලපෑම් වැඩි වෙමින් පවතී. අගමැති ජොන්සන් විසින් රට අගුලූ දමා තිබියදී මත්පැන් සාදයකට සහභාගී වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කර සිටින සිවිල් සේවා නිලධාරිනියක වන සු ගේ‍්‍ර විසින් අදාළ විමර්ශනයේ වාර්තාව අගමැතිවරයා වෙත ඊයේ (27දා* භාර දීමට නියමිතව තිබූ අතර එම වාර්තාව සම්පූර්ණයෙන් ප‍්‍රසිද්ධ කරන ලෙස විපක්ෂ නායකවරයා වන කම්කරු පක්ෂයේ නායක ශ‍්‍රීමත් කෙයිර් ස්ටාමර් විසින්

අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. විපක්ෂ නායකවරයාගේ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වා ඇති අගමැති ජොන්සන් තමා විසින් පොරොන්දු වී ඇති පරිදි එම වාර්තාව සම්පූර්ණයෙන් ප‍්‍රසිද්ධ කරන බව සඳහන් කර තිබේ. අගමැතිවරයාගේ කාර්යාලය ද මේ බව සනාථ කර ඇති බව එංගලන්ත මාධ්‍ය පවසයි. විමර්ශනය පැවැත්වූ සු ගේ‍්‍ර විසින් එයට අදාළ වාර්තාව සකස් කර අවසන් කර ඇති බව ඊයේ දිනයේ වාර්තා විය. අගුලූ දැමීමේ නීති කඩ කරමින් මත්පැන් සාදයකට සහභාගී වීමට අමතරව රට අගුලූ දමා තිබූ සමයේ සිය උපන් දිනය නිමිත්තෙන් කැබිනට් කාර්යාලයේ නීති විරෝධී ලෙස උපන්දින සාදයක් පැවැත්වීමේ චෝදනාව ද මේ වන විට එංගලන්ත අගමැතිවරයාට එරෙහිව එල්ල වී තිබේ.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment