සුමන්තිරන් ජනපතිට දොස් කියයි

4143

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ .සුමන්තිරන් ජනාධිපතිවරයාට දැඩි කනස්සල්ල පළ කර තිබේ . ඒ , මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සඳහා මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙනි. ඔහු මේ බව පවසා තිබුනේ සිය සිය X ගිණුමේ සටහනක් තබමිණි . ජාතික ජනබලවේගය මගින් පාලනය කෙරෙන පළාත් සභාවලට වඩා පහසුවෙන් මුදල් වෙන් කරන බව පවසමින් ජනාධිපතිවරයා ඡන්දදායකයින්ට නැවත නැවතත් අල්ලස් ලබාදීමට තීරණය කිරීම කණගාටුවට කරුණක් බව ඔහු එම X ගිණුමේ සටහන මගින් කියා තිබේ .එම්. ඒ . සුමන්තිරන් පෙන්වා දුන්නේ මෙය මැතිවරණ නිතී රීතී උල්ලංඝනය කිරීමක් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඇ) වගන්තිය මගින් මැතිවරණ කොමිසමේ ඉල්ලීම පරිදි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා නිසි කොන්දේසි නිර්මානය කිරීම සහතික කිරීම ජනාධිපතිවරයාගේ එක් කාර්යයක් බව පෙන්වා දී ඇති බැවින් මෙය වඩාත් බැරෑරුම් ප්‍රකාශයක් බවයි.


advertistmentadvertistment