උතුවන්කන්දේ සූර සර්දියෙල්, ශ්‍රිවික්‍රම රජු පැලඳූ යසස කීර්තිය ලැබෙන විස්මිත ගුණ සපිරි මහා රාජ තරංගනී යන්ත්‍රය හා තෛල රාජයා
මහා රාජ තරංගනී යන්ත්‍රය හා තෙල පුරාණයේ රාජාදී මහා මාත්‍යාදීන් පවා සකල ජනයාගේත් රජතුමාගේත් ගෞරවයට පාත්‍රවීමට හා යසස, කීර්තිය ප්‍රශංසා ලැබී වෙසසින් වැජබී දියුණුව ඇති වී ධන සම්පත් නව භෝග ලැබීමට රහසේ භාවිත කළ මහා බලයක් ඇති යන්ත්‍රයක් වන අතර විශ්වයේ නොපෙනෙන ධාතු කොටස්වල ඇති විවිධ ගුප්ත බලවේගවල රශ්මි හා ඒ ඒ ග්‍රහ ශක්තින් ද කැටිකර මිනිස් සත්වයන්ගේ අවශ්‍යතාවයන් ඉටුවන ලෙස ගොනුකර ශබ්දයේ තරංග බල ආකර්ෂණය කරනු ලබන මෙවලමකි.
අටලෝ දහම අනුව දුක සැප කාටත් පොදුයි. ජන්මලාභය ලබන විට තමාට ග්‍රහ තාරකාවන්ගෙන් ලැබුණු ග්‍රහ තරංග කිරණවල ශක්තිය මත සියල්ල ඉටු වේ. ඒ නිසා මිනිසාට දිනෙන් දිනට කලින් කලට උදාවන දුක්කරදර දුරුකර සැප සම්පත් වර්ධනය වී යසස කීර්තිය ලැබී දියුණුවට උතුම්ම යන්ත්‍රයක් හා තෛලයකි රාජ තරංගනී යන්ත්‍ර රාජයා.
මෙම යන්ත්‍රය උතුවන්කන්දේ විසූ සූර සර්දියෙල් නොහොත් සර්දියෙල් අප්පුට සකසා පළඳා ඇත්තේ අනුරාධපුර නුවර බත්ගුල ගමේ විසූ පට්ටිකිරා නොහොත් පටිකාර ගම්වැද්දා නොහොත් අප්පුවා වෙද ගුරුන්නාන්සේ බව යන්ත්‍ර මන්ත්‍ර වට්ටෝරු පොතකින් ප්‍රකාශිතයි.
මෙම උතුම් යන්ත්‍ර හා තෛලයන් කාණ්ඩ 7ක් ඇත. එයින් යසස කීර්තිය ලබාදෙන මෙම මහා රාජ තරංගනී යන්ත්‍රය අංක එක ලෙස සැළකේ. මෙම යන්ත්‍රය රවි දින රවි හෝරාවෙන් පුර පක්ෂයේ නැඟෙනහිර බලා පස්ලෝකටුවෙන් ඇඳ මෙම ඖෂධ වර්ග ගස් බෙනයෙහි වතුරෙන් හා දිය පහෙන් අඹරා යන්ත්‍රය මත තබා පහත ඇති මන්ත්‍රවලින් ජපකර ගත යුතුයි.
ඖෂධ වර්ග- දෙසඳුන්, සූර්යකාන්තා ඇට, ජටාමකුට, ගල්මද, ගල්නහර, තලාතු මිනිරන්, මනෝසිල, ගෙන්දගම්, විජයපත්‍රං, මෝහන්ලිංග, ගජමදාරා, පාෂානං පහ, ඇත්දලකුඩු, කඟවේන අං, මුව අං, ගව අං, උරුලෑසට්ටම්, කොටිහම්, පස්ලෝ, හිරියල්, කුංකුවප්පු, දුටුසතුටු, ඒකාවේරිය, කස්තුරි, ගෝරෝචන, විෂ්ණු ක්‍රාන්තිය, රන්තැඹිලි තෙලින් සිඳුවා මල් බුලත් තටුව සකසා ඒ මත බුලත් 33, පලතුරු, එළකිරි, ගිතෙල්, මී පැණි, උක් හකුරු, සඳුන් කල්ක, කෙසෙල්ගෙඩි, තැඹිලි, කුරුම්බා 1 බැගින්, බෙලිකොළ, බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර දේවතාවන්ට පහන් 3, පොල් ගෙඩියක් තබා මෙම මන්ත්‍රවලින් ජප කරන්න. නිසිවාර ගණනින්.
දිෂ්ටි මන්ත්‍රය:- ඕං ශ්‍රී විෂ්ණු විභීෂණ ප්‍රමේශ්වරයා නේ දිෂ්ටි ඒම් සුරවර කාලී හනුමන්තාදේව දිෂ්ටි එං මුන්කෙල් එර්දිවානේම්, ශ්‍රියා කාන්තා අම්මේ දිෂ්ටි එං වායිල් වානුප්පේ මහා සරස්වති ගනපති භුවනාධිපතියේ අමිමාම් දිෂ්ටි එං වාරුංජීව දිෂ්ටි මන්ත්‍ර දිෂ්ටි ඖෂධ දිෂ්ටි මහා රාජතරංගනී තෛල දිෂ්ටිලා වාරුම් අප්පේ අම්මේල් පෝවාරාල් වාරුං දිෂ්ටි දිෂ්ටි නම: (54 වරයි)
ජප මන්ත්‍රය:- ඕං නමෝ රාමානේ විෂ්ණු රාජා ප්‍රදේහේස් හේලාම් කී ගිනිමාලා ශුරගිනි ජීව ජීව විභීෂණ රාජා රාජ ප්‍රදේස් මුදේස් ශාකිලාම් ජීව ජීව ප්‍රමේශ්වර අම්මේහර ගුරුලාඩි ක්‍රම ජීව ජීව හනුමන්තා දේවතාවී ජීව ජීව ශ්‍රීං ශ්‍රීං ජීවන්තු ශ්‍රියා කාර්ෂනී ශ්‍රියා කාන්තා කල්‍යාංගනී වාග්දේවී ගජපුත්‍ර රූපා ජීව ජීව භුවනාධිපතියේ ජීව ජීව fඖෂධ ජීවම් තෛල ජීවම් යන්ත්‍ර ජීවං සර්ව රාජා වසඟ වසඟ සර්ව චෞර වසඟ වසඟ සර්ව මනුෂ්‍ය වසඟ වසඟ සර්ව ලෝක වසඟ වසඟ සර්ව දේව වසඟ වසඟ සර්ව ධන ධාන්‍ය වසඟ වසඟ සර්ව භූත වසඟ වසඟ සර්ව අභූත හර හර සර්වධාරී ධූ දෝෂ හර හර සර්ව කාර්ය සිඬි ජීවනේ මහා රාජතරංගනී තෛල ජීවම් ජීවාකර්ෂණ මුඛප්‍රලේ මුඛ දිෂ්ටි වෛකුන්ඨවාස වෛශ්‍රවන දේවා දේම රාජා බුද්ධ බෝධි ජප ජීව නමඃ (364 වරයි.)
ප්‍රාන මන්ත්‍රය:- ඕං මන්ත්‍රාප්ප්‍රාන දේවප්ප්‍රාන ffඖෂධප්ප්‍රාන ප්‍රානගන් මහා රාජතරංගනී තෛල ප්‍රාණාම් ප්‍රනෝගන් හං සං ඉං ප්‍රාන ප්‍රාන එස්වාහඃ (108 වරයි)
පලිප්පු මන්ත්‍රය :- ඕං හර හර කම්කේ අර අරි පලිප්පු තරංගනී රාජයා පලිප්පු ලාගන් තෝස්වාහඃ (108 වරයි)
සිද්ධිකරන මන්ත්‍රය:- ඕං ආ මන් වන්දේ පරම්මේ සිද්ධිම් නමෝ නමඃ (108 වරයි)
මෙම යන්ත්‍රය මන්ත්‍ර විද්‍යාව පිළිබඳ මූලධර්මයන්ට අයත් ෂඩ්කර්මයට උචිත දෙවතා, දිශා සෘතු, වණී, නැකත්, දින, පුර, අව, තිථි, සිඬියෝග, යෝගිනි ආදීන් දැන සකසාගතහොත් ස්ත්‍රී පුැරෂ සැමට පැළඳ ගැනීමෙන් රාජ වශියට, ප්‍රභූ ඇමති වශියට, ශ්‍රියාවට, දියුණුවට, වෙළෙඳ ව්‍යාපාර දියුණුවට, රැකියා දියුණුවට, තම බසට අන් අය වසඟයට, අවනත වීමට, රාජ්‍ය ගරු බුහුමන් ලැබීමට, නඩුවලින් දිනන්න, සතුරු උවදුරු දුරුවීමට, අනවින හදි හූනියන් නොවැදීමට, යක්‍ෂ ප්‍රේත බැල්ම දුරුවීමට, දෙවියන් සතුටුවීමට හා බලාපොරොත්තු ඉටුවී කීර්තිමත්ව වස්දොස් දුරු වී විවාහ ප්‍රමාද වලකා පෙම් මල් පිපීමට හා සෞභාග්‍ය සම්පන්න ජීවිතයකට තමා පත්වන බව රජතුමාගේත් ගෞවරයට පාත්‍රවීම හා කීර්ති ප්‍රශංසා ලැබී යසසින් ලොව වැජඹීමට හැකිවන බවත් මෙම යන්ත්‍රය පැළඳ භාරතයේ මහා රාජාවරු මෙන් ලංකාවේ ද බොහෝ ධන කුවේරයන් බවට පත් වී ඇති බව මා දනී.
මෙම යන්ත්‍රය පුරුෂ අයට සුරයක්ද, කාන්තාවන්ට තෛලය දැමීමට හැකිවන පරිදි සැකසූ ගැබ සහිත පෙන්ඩනයක භාවිත කළ හැක. මෙම යන්ත්‍රයට කිලි නොවදී. ගවමස්, ඌරුමස් කෑමෙන් පලක් නොලැබේ.
ජ්‍යොතිෂ්‍ය විද්‍යාජෝති, ගුප්ත විද්‍යාකීර්ති
වාස්තු විද්‍යා උපදේශක,
සාමවිනිසුරු, දේශබන්දු
● රඹුක්කන ජිනදාස එදිරිසිංහ
පොලිසිය අසල – 0770730062