සෞඛ්‍ය හා ජනමාධ්‍ය නව ලේකම් අනිල් ජාසිංහ

65

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත්කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඒ මහතා මීට පෙර පරිසර අමාත්‍යාංශ ලේකම් ලෙසද හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කර තිබේ.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා විසින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත ඊයේ (10දා) පස්වරුවේ පිරිනමනු ලැබීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment