මෝටර් රථයක දමා ගෙන සිසුවෙකු පැහැර ගෙන ගොස්ල බිය වද්දා එම සිසුවා සතුව තිබූ රුපියල් 67000ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා මුහුණ ආවරණය කර සිටියදී උසාවි භූමියෙන් පැන ගිය සැකකරුවෙකු යලි අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේල අනුරාධපුර විජය පුරල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.
කහටගස්දිගිලිය ප්‍රදේශයේ සිට අනුරාධපුරය නගරයේ පැවති පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගී වී යලි නිවස බලා යාමට සූදානම්ව සිටි සිසුවෙකු මෙලෙස බිය ගන්වාල සැකකරු ඇතුළු තිදෙනකුල එම සිසුවා සතුව තිබූ රුපියල් 67000ක මුදලක් ඉකුත් 25දා කොල්ලකා තිබූ බව පොලිසිය කියයි.
එම අපරාධ සිද්ධියට අදාලව සැකකරු ඉකුත් 29දා කොල්ලකෑම සඳහා යොදා ගන්නා ලද මෝටර් රථය සමග අත්අඩංගුවට ගත් බවත් එම සැකකරු මෙලෙස හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා මුහුණ ආවරණය කර උසාවි භූමියේ රඳවා සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
එම නඩුව අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නඩුව නිල මැදිරියේ කැඳවීමට නියෝග කර තිබියදී මෙලෙස සැකකරු අත්අඩංගුවෙන් මිදී ගොස් තිබූ බව පොලිසිය සදහන් කලේය.