හැටන් සිට දුර ගමන් යන බස් පොලිසියේ හදිසි පරීක්‍ෂාවට

42

හැටන් සිට දුරගමන් සේවා සඳහා යොදා ඇති ලංගම සහ පෞද්ගලික බස් රථ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයක් මත හැටන් පොලිසිය මගින් ඊයේ (14 දා) හදිසි පරික්ෂාවට ලක් කෙරිණි.

හැටන් පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතාගේ අධීක්ෂණය යටතේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ශැන්නවත්ත ප්‍රදේශයේදී දුර ගමන් සේවා බස් රථ හදිසි පරීක්ෂාවට ලක් කරනු ලැබිණි.

මෙම පරීක්ෂාවේදී අඩුපාඩුකම් සහිතව බස් රථ ධාවනය කළ ලංගම සහ පෞද්ගලික බස් රථ රියැදුරන් කිහිප දෙනකුට එරෙහිව නෛතික පියවර ගත් අතර තවත් රියැදුරු පිරිසකට දැඩි ලෙස අවවාද කරනු ලැබිණි.

නුවරඑළිය – නාලක රත්නායක


advertistmentadvertistment