කොළඹ හැව්ලොක්සිටි ප්‍රදේශයේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයේ වාහන නැවතුම්පළක නවතා තිබූ වාහනයක ඩිකියේ තිබී රන් ආලේපිත ක්‍රියාකාරී තත්ත්වයේ ටී 56 ගිනිඅවියක් හා මැගසින් එකක් පොලිස් භාරයට ගෙන ඇත.
නිවාස සංකීර්ණයට ඊයේ (20දා) සවස එහි පදිංචිකාරියක විසින් පදවාගෙන ආ මෝටර් රථයක් ආරක්ෂකයන් විසින් පරීක්ෂා කිරීමේදී මෙම ගිනිඅවිය එහි තිබී දැක ඇත. පසුව එම ආරක්ෂක නිලධාරීන් වහාම මේ පිළිබඳව වැල්ලවත්ත පොලිසියට දැනුම් දී ඇත.
පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් අදාළ වාහනය නැවතුම්පළේදී පරීක්ෂා කිරීමේදී ගිනි අවිය එහි තිබී සොයාගෙන තිබේ.
මෙම වාහනය පැදගෙන ආ කාන්තාව නිවාස සංකීර්ණයේ 19 වැනි මහලේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක බව පොලිසිය පවසයි.
මෙම ගිනි අවිය කවුරුන් විසින් හෝ දමා ඒවා හෝ වාහනය මාරුවීමකින් මෙම මෝටර් රථයට දමා හෝ ඇත්දැයි සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කර ඇත. එමෙන්ම කිසියම් අපරාධයක් කිරීමට ගිනි අවිය ගෙනාවේදැයි පරීක්ෂා කිරීමට වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.
හේමන්ත රන්දුණු