ලොව පුරා සිටින සරණාගතයන්ට සත්කාර කරන්න අපට පුළුවන්ද? – විනිසුරු අසයි
හිටපු කොටි සාමාජිකයකුට ඉන්දියාවේ පුරවැසිකම ලබාදීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
වසර හතක සිර දඬුවමක් සම්පූර්ණ කිරීමෙන් පසු ඉන්දියාවෙන් පිටව යන ලෙස මදුරාසි මහාධිකරණය මෙම කොටි සාමාජිකයාට නියෝග කර තිබිණි. පසුව ඔහු මේ තීරණයට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබිණි.
“ඉන්දියාව ලොව පුරා සිටින සරණාගතයන්ට සත්කාර කළ යුතුද? අපි කෝටි 140 ජනතාවක් සිටින රටක්. මෙහිදී අපට සෑම තැනකින්ම පැමිණෙන විදේශීය ජාතිකයින්ට සංග්‍රහ කළ නොහැකිය” යනුවෙන් විනිසුරු දීපන්කර් දත්තා පසුගිය සඳුදා මේ තීන්දුව ලබා දෙමින් සඳහන් කර තිබිණි.
මේ පෙත්සම්කරුගේ නීතිඥවරයා විනිසුරු මඩුල්ලට දැනුම් දී තිබුණේ මොහු දෙමළ ජාතිකයකු බවත්, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වෙනුවෙන් සටන් කළ අයකු නිසා ශ්‍රී ලංකාවට ගියහොත් අත්අඩංගුවට පත්විය හැකි බවයි. ඉන්දියාවේ පදිංචි වීමට ඉල්ලා සිටින්නේ මන්දැයි විනිසුරු දත්තා ඇසූ ප්‍රශ්නයට, පෙත්සම්කරු පැවසුවේ තම බිරිඳ සහ දරුවන් ද ඉන්දියාවේ පදිංචි වී සිටින නමුත් තමා සරණාගතයකු බවයි.
චතුර පමුණුව