ට්විටර් සමාගම වසයි

712


ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව නව හිමිකරු වන ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක් එම සමාගමේ සේවකයින් වෙත තවත් ඊමේල් පණිවුඩයක් යවමින් දැනුම්දී ඇත.

ලබන සඳුදා කාර්යාල නැවත විවෘත කරන බව ද සේවකයින්ට දැනුම්දී තිබේ.
ට්විටර් සේවකයින් ,දිනකට වැඩි වෙලාවක් දැඩි කැපවීමකින් යුතුව වැඩ කළ යුතු බවත් නැතහොත් ඔවුන් සමාගමෙන් ඉවත්ව යා යුතු බවත් ඔහු සේවකයිනට දන්වා ඇත.
සමාගමේ රැඳී සිටීමට කැමති සේවකයින් ඊට අදාළ ව ප්‍රතිඥාවක් දීමට එකඟ විය යුතු බව මස්ක් සේවකයින්ට දන්වා ඇති අතර එම ප්‍රතිඥාවට සිය එකඟතාවය පළ නොකරන සේවකයින් මාස තුනක වැටුප් ගෙන සේවයෙන් ඉවත් විය හැකි බව මස්ක් සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment