හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන මහත්වරුන් ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුර පිරවීම, පාර්ලිමේන්තු මහ ලේකම්වරිය නිල වශයෙන් දැනුම් දුන්පසු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.කේ.ජී. රත්නායක මහතා දිවයිනට පැවසීය.
මන්ත්‍රීධුර දෙකෙහි පුරප්පාඩු පවතින බවට මුලින්ම පාර්ලිමේන්තු මහ ලේකම්වරිය මැතිවරණ කොමිසමට දැනුම් දියයුතු බවත් ඉන්පසුව අදාළ ගාල්ල දිස්ත්‍රික්කයේ පුරප්පාඩුව එම දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයේ ඊළඟට වැඩිම මනාප ලබාඇති තැනැත්තා නම් කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා කටයුතු කරනු ඇති බවත් සභාපතිවරයා කීය.
එමෙන්ම ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුවට අයකු නම් කර එවන ලෙස පක්ෂ මහලේකම්වරයාට දැනුම් දෙන බවද කී සභාපතිවරයා නම් දෙකම ලැබුණු වහාම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන බවද කියා සිටියේය.
රනිල් ධර්මසේන