හෘදයාබාදයකින් රියැදුරු බස් රථයේම මියයයි

418


බස් රථයේ රියදුරුට හදිසියේ ඇතිවූ හෘදයාබාදයක් හේතුවෙන් අද අලුයම මත්තේගොඩ ප්‍රදේශයේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ නිවසක තාප්පයක ගැටී අනතුරක් සිදුව තිබේ.
රියදුරු බස් රථය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

අද අලුයම 5ට පමණ පළමු ගමන් වාරය ආරම්භ කිරීම සඳහා මෙම බස් රථය කොට්ටාව බස් නැවතුම්පළට යමින් සිටිය දී එහි රියදුරුට මත්තේගොඩ ප්‍රදේශයේදී හදිස්සියේ ම හෘදයාබාධයක් සෑදී තිබේ.

එම අවස්ථාවේදී බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යාබද තාප්පයක් කඩා ගෙන ගොස් නිවසක් අසල නැවතී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කහතුඩුව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.


advertistmentadvertistment