හෙද හෙදියන් නිල ඇඳුමෙන් මාලිමාවේ සමුළුවට සහභාගි වීම වැරදියි

196

කැෆේ මැ.කො.ට ලියයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29දා) පැවති ජාතික සමස්ත ලංකා හෙද සමුළුවට රජයේ හෙද හෙදියන් සිය නිල ඇඳුමින් සහභාගිවීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට සඳහන් කරමින් කැෆේ සංවිධානය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කර ඇත.

මහජන බදු මුදල් වැයකර ලබාදෙන නිල ඇඳුම මෙලෙස දේශපාලන කාර්යයක් වෙනුවෙන් යොදාගැනීම ආයතන සංග්‍රහය අනුවත් මැතිවරණ නීතිය අනුවත් වැරදි ක්‍රියාවක් බව එම සංවිධානය සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.

මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයද ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමු කරමින් එම ක්‍රියාව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව සඳහන් කර ඇත.

පැෆරල් සංවිධානය ද මෙම ක්‍රියාව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේය.

සුජීව තත්සර


advertistmentadvertistment