රන්ජන්ට ප්‍රජා අයිතිය දීමට ජනපති හමුවී කරුණු කියනවා – ඇමැති විජයදාස රාජපක්‍ෂ

120

බන්ධනාගාරගතව සිට ජනාධිපති සමාව ලැබූ රන්ජන් රාමනායක මහතාට යළි ප්‍රජා අයිතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කරුණු ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර සහ පුනරුත්ථාපන කටුතු ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට පැවසීය.

අද හෙටම නොව ඉඩ ලද අවස්ථාවක රන්ජන්ට අහිමි වූ වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන බවද ඇමැතිවරයා කියා සිටියේය.

මේ අතර නිදහස ලැබූ රන්ජන් රාමනායක මහතාට මේ වන විට විදෙස් සංචාර කීපයකට ද ඇරයුම් ලැබී ඇති අතර මේ වන විට ඔහු සිනමාවේ සහ වෙළෙඳ දැන්වීම් (ප්‍රචාරණ) කටයුතුවලට සහභාගි වී සිටී.

නෝමන් පළිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment