පරමාණු බෝම්බයේ පියා ඔස්කාර් හොල්ලයි

79

පසුගිය වසරේ තිරගත වූ ‘ඕපන්හයිමර්‘, එනම් ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ‘පරමාණු බෝම්බයේ පියා’ පිළිබඳ ත්‍රාසජනක චරිතාපදාන චිත්‍රපටය ලොව පුරා මහත් පිළිගැනීමකට ලක්විය. 2024 ඔස්කාර් සම්මාන උළෙල නිමාවට පත්වූයේ, ඕපන්හයිමර් (Oppenheimer) චිත්‍රපටයට වැඩි ගෞරවයක් අත්කර දෙමිනි. හොඳම චිත්‍රපයට හිමි සම්මානය ඇතුළු සම්මාන 7ක් දිනා ගැනීමට ඕපන්හයිමර් චිත්‍රපටය සමත්විය. ඕපන්හයිමර් චිත්‍රපටයේ රඟපෑ කිලියන් මර්ෆි හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. මර්ෆි හොඳම නළුවා සම්මානය දිනාගත් පළමු අයර්ලන්ත ජාතිකයා ලෙස ඉතිහාස ගතව තිබේ. මර්ෆි හොඳම නළුවා ලෙස නම් කරනු ලැබුවේ, න්‍යායාත්මක භෞතික විද්‍යාඥ ජේ. රොබට් ඕපන්හයිමර් ලෙස ඔහු ඉදිරිපත් කළ ප්‍රශංසනීය නිරූපණය සඳහා ය. සම්මාන දිනා ගැනීමෙන් පසුව ‘මම අද රාත්‍රියේ මෙහි සිටගෙන සිටින ඉතා ආඩම්බර අයර්ලන්ත ජාතිකයෙක්. පරමාණු බෝම්බය නිර්මාණය කළ මිනිසා ගැන අපි චිත්‍රපටයක් නිර්මාණය කළා. හොඳට වෙන්නත් පුළුවන්, නරකට වෙන්නත් පුළුවන් (බෝම්බය) අපි හැම කෙනෙකුම ජීවත් වෙන්නේ ඕපන්හයිමර්ගේ ලෝකයේ. ඒ නිසා මම මේ සම්මානය සෑම කොනක ම ඉන්න සාමය ඇති කිරීම වෙනුවෙන් කැපවෙන මිනිසුන් වෙනුවෙන් පුද කරන්න කැමතියි.’ යැයි මර්ෆි පවසා තිබිණි. ඕපන්හයිමර් චිත්‍රපටයේ ඇමෙරිකානු රජයේ නිලධාරියෙකු වන ලුවිස් ස්ට්‍රෝස්ගේ චරිතය වෙනුවෙන්, ඩව්නි ජූනියර් හොඳම සහය නළුවා ලෙස සම්මාන ලැබීය. මෙම සම්මානය පිළිගනිමින් ඩව්නි හාස්‍යජනක ලෙස පැවසුවේ, ‘මම කැමතියි පිළිවෙළින් මගේ අසුන්දර ළමා කාලයට සහ ඇකඩමියට ස්තුති කරන්න. රස්සාවට මාව අවශ්‍ය වුණාටත් වඩා මට මේ රස්සාව අවශ්‍ය වුණා අන්න ඒ නිසා තමයි හොඳ මිනිහෙක් විදිහට ඔබ ඉදිරියේ හිටගෙන ඉන්නේ. ‘ඕපන්හයිමර් චිත්‍රපටය හොඳම සංස්කරණය, හොඳම සංගීත නිර්මාණය සහ හොඳම කැමරාකරණයට හිමි සම්මාන ද දිනා ගත්තේ ය. කෙසේ වෙතත්, වාර්තාගත ජයග්‍රහණ සංඛ්‍යාවක් ලැබීමට තිබුණු අවස්ථාව ගිලිහෙමින් එයට අනෙක් තාක්ෂණික අංශවල සම්මාන අහිමි විය.

පරමාණු බෝම්බයේ පියා ඔස්කාර් හොල්ලයි
පරමාණු බෝම්බයේ පියා ඔස්කාර් හොල්ලයි

2023 වසරේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වන බාර්බි, එම නිර්දේශ වූ සම්මාන අටෙන් එකක් පමණක් දිනා ගත්තේ ය. ඒ, බිලී අයිලිෂ්ගේ ‘What Was I Made For’ ගීතය හොඳම ස්වතන්ත්‍ර ගීතයට හිමි සම්මානය හිමි කර ගැනීමත් සමග ය. හොඳම නිළිය සම්මානය දිනාගනු ලැබුවේ එමා ස්ටෝන් විසිනි. ඒ පුවර් තින්ග්ස් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනි. ජයග්‍රාහකයා පුරෝකථනය කිරීම අපහසු වූ එකම ප්‍රධාන සම්මාන කාණ්ඩය වූයේ හොඳම නිළිය කාණ්ඩය යි. එය ස්ටෝන් සහ කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන්හි ලිලී ග්ලැඩ්ස්ටන් අතර කරට කර පැවති තරගයක් ලෙස දිස් විය. ‘මේක ඇත්තෙන්ම අතිශය සතුටුදායක අවස්ථාවක්. මේ චිත්‍රපටය නිර්මාණය කරන්න ආදරය, දයාව සහ ප්‍රභාව ලබා දුන්න සෑම රංගන ශිල්පියෙකු ම, කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ම, සෑම පුද්ගලයෙකු ම සමග මේ සම්මානය බෙදාගන්න ලැබීම මට මහත් ගෞරවයක්.’ ස්ටෝන් ඇගේ කතාවේදී පවසා තිබිණි. ද හෝල්ඩෝවර්ස් චිත්‍රපටයේ තම පුතාගේ මරණයට මුහුණ දීමට උත්සහ කරන පාසල් සූපවේදිනියකගේ චරිතය නිරූපණය කළ ඩේ‘වයින් ජෝයි රැන්ඩොල්ෆ් හොඳම සහය නිළිය ලෙස සම්මානයට පාත්‍ර විය.

පරමාණු බෝම්බයේ පියා ඔස්කාර් හොල්ලයි

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පැවැති 96 වැනි ඔස්කාර් සම්මාන උළලේ හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානලාභියා නිවේදනය කිරීමට ජෝන් සිනා අඩ නිරුවතින් පැමිණීම ලොව පුරා අවධානයට ලක් විය. පසුව තරග සංවිධායකවරුන් පැමිණ ජෝන් සිනාට ඇඳුමක් අන්දවන ආකාරයත්, පසුව ඔහු සම්මානලාභියා නිවේදනය කරන ආකාරයත් මෙහි දිස් විය. සම්මාන උළෙලට පැමිණ සිටි ආරාධිතයන් සහ නළු නිළියන් විනෝදය සඳහා එය කලින් සැලසුම් කර තිබූ බව ද වාර්තා වේ.

පරමාණු බෝම්බයේ පියා ඔස්කාර් හොල්ලයි

සිරිමල් කළුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment