හෙරොයින් තොගයක් පාලවියදී විනාශ කෙරේ

54

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 494 ග්‍රෑම් 48ක ප්‍රමාණයක් අද (28දා) දහනය කොට විනාශ කිරීමට නියමිතව ඇත.

පොලීසිය සඳහන් කළේ නඩු කටයුතු අවසන් වූ මෙම මත්ද්‍රව්‍ය තොගය දැඩි ආරක්ෂාවක් යටතේ පුත්තලම, පාලවිය ප්‍රදේශයට රැගෙන ගොස් සිමෙන්ති සමාගමකට අයත් දහන උඳුන තුළ දී විනාශ කරන බවය.

එම මත්ද්‍රව්‍ය නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් එක්ව සිදුකරන ලද වැටලීම්වලදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබිණ.


advertistmentadvertistment