ක්ෂේත්රයේ සියලුදෙනාට ගෞරවයක් ඇගයීමක් ලබාදෙනවා
සජිත් සමගි හෙළ ජන සංස්කෘතික සමුළුවේ දී කියයි
හෙළ ජන සංස්කෘතික ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙනම ම ඒකකයක් ඇති කරන බවත්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම රජයේ ආයතන ඒකාබද්ධ කරන බවත් හෙළ ජන සංස්කෘතිය වෙනුවෙන් ජනාධිපති විශේෂ කාර්ය බළකායක් ස්ථාපිත කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ සමගි හෙළ ජන සංස්කෘතික සමුළුව පෙරේාදා (08දා) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති අවස්ථාවේදීය. මේ අවස්ථාවට ශාන්තිකර්මවේදීන්, ජ්‍යොතිෂවේදීන්, අංගම්පොර ශිල්පීන්, නර්තන ශිල්පීන් සහ විරිඳු කණ්ඩායම් ඇතුළු පාරම්පරික ජන සංස්කෘතික කලාවන්හි නියුතු පාර්ශ්ව රැසක් එක්ව සිටියහ.
විධිමත් ලියාපදිංචියක් නිර්මාණය කර මෙම ක්ෂේත්‍රයේ සියලු දෙනාට හැඳුනුම්පතක් නියම කර පාර්ලිමේන්තු අණපනත් හරහා නෛතික පිළිගැනීමක් ගෞරවයක් සහ ඇගයීමක් ලබාදීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සංස්කෘතික කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිපාදන ගැටලු සහ ආම්පන්න ගැටලු ඇති බවත් මේ දැනුම නව පරපුර කරා ගෙන යෑමේ නිසි වැඩපිළිවෙළක් නොමැති නිසා ප්‍රාදේශීය ලේකම් මට්ටමින් මේවා විධිමත් කරනවිට ක්ෂේත්‍රයේ සියලුම කණ්ඩායම් විධිමත් ලෙස සංවිධානය කර මේ පිරිස වෙනුවෙන් නිල පිළිගැනීමක් සහ පැහැදිලි ඇගයීමක් ලබාදෙන අතර සෑම බල ප්‍රදේශයකම විහිදී ඇති කලායතන ශක්තිමත් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ ඉපැරණි සංස්කෘතික ක්‍රියාදාම සංචාරක ක්ෂේත්‍රයට බද්ද කිරීම හරහා රටට විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකි බවත් මේ ගැන නායකයන්ගේ අවධානය යොමු වී නොමැති බවත් පැවසූ විපක්‍ෂ නායකවරයා අපේ කමට සංස්කෘතියට සහ සභ්‍යත්වයට වටිනාකමක් ලබාදෙන විශ්වසනීය දේශපාලන බලවේගය සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බවත් මේ උරුමයට ලබාදිය යුතු නිසි ගෞරවය පිළිගැනීම ලබාදෙන බවත් තවදුරටත් පැවසීය.
අකිත පෙරේරා