හොංකොං ක්‍රියාකාරීන් 14 ක් කඩාකප්පල්කාරීන් ලෙස නම් කෙරේ

162

වසර තුනකට පෙර චීන පාලනය යටතේ පවතින හොංකොං රාජ්‍යයේ විරෝධතාවයේ යෙදුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් 14 දෙනකු කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි යෙදීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට වරදකරුවන් බවට හොංකොං අධිකරණයක් විසින් තීන්දු කර තිබේ. වසර 2021 දී මෙසේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි යෙදීම සම්බන්ධයෙන් වරදකරුවන් කර ඇති ක්‍රියාකාරීන් 14 දෙනා ඇතුළු එම චෝදනා එල්ල වී තිබූ 47 දෙනකුට හොංකොං රාජ්‍යයේ පවතින රජය පෙරළීම සඳහා නිල නොවන මැතිවරණයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණි.කෙසේ වුවද මෙසේ චෝදනා එල්ල වූ 47 දෙනාගෙන් 16 දෙනකු නිදහස් කිරීමට අධිකරණය විසින් පියවර ගෙන තිබේ.

මෙසේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි යෙදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ 47 දෙනා අතර පැරණි දේශපාලනඥයන්ගේ සිට ශිෂ්‍ය ක්‍රියාකාරීන් දක්වා හොංකොං රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට අයත් ක්‍රියාකාරීන් සිටින බව වාර්තා වී තිබේ. මෙම පිරිස අත්අඩංගුවට ගැනීම චීන පාලනය විසින් පනවා ඇති ජාතික ආරක්ෂක යටතේ හොංකොං රාජ්‍යයේ සිදු කළ විශාලතම මර්දනය සේ සැළකේ. මෙසේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි යෙදීම සම්බන්ධයෙන් වරදකරුවන් වන අයට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් ලබා දීමට නියමිත බව බටහිර මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment