පොසොන් උත්සවය නිමිත්තෙන් හොල්මන් මන්දිරයකට බීමතින් ඇතුළුවූ තිදෙනෙකු එහි යක්ෂයකු ලෙසින් රඟපාමින් සිටී 13 හැවිරිදි කළුතර, පැල්පොළ ප්‍රදේශයේ පාසල් සිසුවකුට පහර දී රෝහල් ගතකර ඇත.
මෙසේ පහර කෑමට ලක්ව රෝහල් ගතකර ඇත්තේ කළුතර උතුර පැල්පොළ තොටුපළ පාරේ පදිංචි ඒ. ඩී. සිතුම් ලක්මිණ නැමැති පාසල් සිසුවකු බව කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
පැල්පොළ ප්‍රදේශයේ කුඩා ළමුන් පිරිසක් එක්ව මාසයක පමණ කාලයක් සිට මහන්සිවී හොල්මන් මන්දිරය ඉතා උසස් අන්දමින් නිර්මාණය කර පොසොන් දින සිට ආරම්භ කර පවත්වා තිබේ. එහි සිව්වන දිනය (24) දින රාත්‍රී ප්‍රදර්ශනය කරන අවස්ථාවේ බීමතින් පැමිණි තිදෙනකු භූත ගුහාවට ඇතුළු වී ඇති අතර පහර කෑ සිසුවා යක්ෂයකු ලෙසින් ඔවුන් ඉදිරියට කඩා පැන ඇති අතර , එහිදී උරණවූ තිදෙනා යක්ෂයාගේ බෙල්ලෙන් අල්ලා පහර දී තල්ලුකර පලාගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා ගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත.
ගල්පාත- චන්දන පෙරේරා, පානදුර- සුමිත් පොතුපිටිය