2024 IPL කිරුළ KKR ට

444

2024 IPL තරගාවලියේ අද පැවැති අවසන් මහා දී ජයග්‍රාහී කිරුළ හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය. සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොල්කටා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක් අතැතිව එම ඉලක්කය හිමිකරගත්තේය.වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වෙන්කටේෂ් අයියර් පන්දු 26කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 52ක් රැස්කරගත්තේය.පිළිතුරු ඉනිම ආරම්භයේදී ඔහුට අගනා සහායක් ලබාදුන් රමනුල්ලා ගුර්බාස් පන්දු 32කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 39ක් රැස්කරගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment