වෙනිවැල්ගැට කුරුඳු කොල කළ ජාවාරම අසුවේ

558

කුරුඳු කොල ගෙන යන මුවාවෙන් වෙනිවැල් ගැට කිලෝ 2946 ක් පැටවූ ලොරියක් පිටිගල සිට ගල්ගමුව දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ප‍්‍රවාහනය කිරීමට රැුගෙන යද්දී ඇල්පිටිය දිසා වන කාර්යාලයේ නිලධාරීන් විසින් පිටිගල පොරෝගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇල්පිටිය මහේස්ත‍්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් වෙනිවැල්ගැට ලබා ගැනීම වෙනුවෙන් නිකුත් කරන ලද ව්‍යාජ බලපත‍්‍රයක් උපයෝගී කර ගනිමින් වන අඥාපනත සහ නිරෝධායන ඇඳිරිනීතියද උල්ලංගනය කරමින් දක්ෂින අධිවේගී මාර්ගයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ද නොමග යවමින් මෙම ජාවාරම කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති බව මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන ඇල්පිටිය අඩවි වන කාර්යාලයේ, අඩවි වන නිලධාරීන් බී. එම්. විපුල බණ්ඩාර මහතා දිවයිනට පැවසීය.

මෙම වෙනිවැල්ගැට තොගය ගෝනි 106ක ඉතා සූක්ෂම ලෙස අසුරා ලොරියේ ඉදිරිපස කොටසේ තබා ඊට පසුපසින් කුරුඳු කොල පිරවූ ගෝනි 16ක් තබා සැක නොසිතන ආකාරයට ප‍්‍රවාහනය කිරීමේදී පොරෝගම ප‍්‍රදේශයේදී වැටලීම සාර්ථකව සිදුකිරීමට හැකිවු බවද විපුල බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.


advertistmentadvertistment