2024 උසස් පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයින් රැසක් බිහිව තිබේ.
ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු තැන හිමි කරගෙන ඇත්තේ ,කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා සිසුවිය යි .
ගණිත අංශයෙන් දිවයිනේ පළමු තැන හිමිකරගෙන තිබෙන්නේ , ලෙසඳු රණ්සර කුමාරගේ සිසුවාය . ඔහු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවෙකි . ගම්පහ බණ්ඩාරනායක විදුහලේ තවත් සිසුන් දෙදෙනෙකු ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රමුඛ ස්ථාන දෙකක් හිමි කර ගැනීමට සමත්ව තිබේ.
ඒ දිවයිනේ තෙවන ස්ථානය සහ දෙවන ස්ථානය දිනා ගනිමිනි. එහිදී , ගණිත අංශයෙන් තෙවිඳු දිල්මිත් දහනායක දෙවන ස්ථානය ද , එම අංශයෙන් දිවයිනේ පස්වන ස්ථානය නවිඳු දිනෙත් තෙන්නකෝන් සිසුවා ද හිමිකරගෙන තිබේ. වාණිජ අංශයෙන් දිවයිනේ පළමු තැන හිමිකරගෙන ඇත්තේ කොළඹ විශාකා විද්‍යාලයේ කංකානිගේ අමාශා දුලාරි පෙරේරා සිසුවිය යි .