ASUS සහ Republic of Gamers (ROG) Sri Lanka එක්ව සිය නවතම පරිගණක නවෝත්පාදන කට්ටලය පසුගියදා නිල වශයෙන් දියත් කරන ලදී. එහිදී එළිදක්වනු ලැබුවේ ASUS Zenbook A14 (UX3407), Vivobook S14 (S3407), Vivobook 16 (X1607) මෙන්ම gaming සඳහාම වූ (ROG Strix SCAR 16/18 (G635/G835) සහ (ROG Zephyrus G16 (GU605) යන නිෂ්පාදන පෙළයි.
අතේ ගෙන යාමේ හැකියාව, ශක්තිය හා ආකර්ෂණීය නිමාව සමඟින් හඳුන්වා දෙනු ලැබූ මෙම නවතම නිෂ්පාදන පෙළ සිසුන්, වෘත්තිකයින්, ව්‍යවසායකයින්, gaming සඳහා උනන්දුවක් දක්වන්නන් මෙන්ම ඩිජිටල් නිර්මාණකරුවන් ඇතුලු බොහෝ දෙනෙකුගේ අවශ්‍යතාවන් සපුරාලීමට සමත් වනු ඇත.
මෙහිදී විශේෂයෙන්ම හඳුන්වා දෙනු ලැබූ ප්‍රමුඛතම නිෂ්පාදනයන් ලෙස ASUS Zenbook A14 සහ (ROG Strix SCAR 16/18 සඳහන් කළ හැකිය. ASUS Zenbook A14 ඉහළ කාර්ය සාධනය සමඟින් පුද්ගලික භාවිතය සඳහා සුවිසල් පහසුවක් අත්කර දෙයි. ඒ සමඟ gaming සඳහා විශේෂයෙන් නිර්මාණය කොට ඇති (ROG Strix SCAR 16/18 මාදිලි පෙලද මෙහිදී හඳුන්වා දෙනු ලැබීය.
ඇලුමිනියම්හි සැහැල්ලු බව හා කල්පැවැත්ම සහ සෙරමික්හි සීරීම් වැළැක්වීමේ සුසංයෝගය සහිත Ceraluminum ආවරණයකින් නිමවා ඇති ASUS Zenbook A14 ඉතා සැහැල්ලු Copilot+ PC පරිගණකයකි. ග්‍රෑම් 980ක පමණ බරකින් යුත් එය පහසුවෙන් අතේ ගෙන යා හැකි සැහැල්ලුතම පරිගණකයක් ලෙස පාරිභෝගිකයා අතට පත් වේ. නවතම Snapdragon X ප්‍රොසෙසරයකින් බල ගැන්වෙන Zenbook A14 කර්මාන්තයේ ප්‍රමුඛතම 5 TOPS of Neural Processing Unit (NPU) කාර්ය සාධනය ලබා දෙයි. එසේම ASUS Lumina OLED තිරයකින් සමන්විත ASUS Zenbook A14 හි බැටරි ආයු කාලය පැය 32 කි (භාවිතය අනුව වෙනස් විය හැකිය). තවද එහි ඇති Wi-Fi 7, USB4 සබඳතාව සහ ඉතා වේගවත් 1 TB ක SSD ධාරිතාවද මෙහි විශිෂ්ටත්වය තව දුරටත් ඉහළ නංවනු ලබයි.
Ultra 9 275HX ප්‍රොසෙසරයකින් බල ගැන්වෙන (ROG Strix Scar 16/18 විශේෂයෙන් gaming සඳහා උනන්දුවක් දක්වන්නන් හා ඩිජිටල් නිර්මාණකරුවන්ට වඩාත් ගැලපෙන අයුරින් නිර්මාණය කොට ඇත. NVIDIA GeForce RTX 5090 graphics සහිත 240Hz WQXGA Mini-LED ROG Nebula HDR තිරයකින් සමන්විත එහි AniMe Vision LED ආවරණය හා 360° RGB ආලෝක තීරුව gaming සඳහා කදිම පහසුවක් එක් කරනු ලබයි. මෙම (ROG Strix Scar 16/18 පරිගණකය පහසුවෙන් ගලවා Upgrade කළ හැකි Furute – proof ආවරණයකින් සමන්විත වේ. එසේම එහි ඇති සිසිලන පද්ධතිය හා තාපය උරා ගැනීමේ හැකියාව හා වේගවත් බව හේතුවෙන් අඛණ්ඩව gaming හි නියැලීමේ හැකියාවද පාරිභෝගිකයාට හිමි වේ.