මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගිකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses හරහා 2023 මහ කන්නයේදී හඳුන්වා දුන් Mahindra Yuvo Tech+ 585 4WD ට්‍රැක්ටර් රථය 2024 මහ කන්නයේදී බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර ඒ සඳහා හොඳ ඉල්ලුමක්ද නිර්මාණය වී ඇත.
පසුගිය අගෝස්තු මාසයේදී මෙරට ගොවි ජනතාව කෘෂි යාන්ත්‍රිකරණයට යොමුවීම වේගවත් කිරීමටත් ඒ තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්ව ඉහළ නැංවීම සඳහා දියත් කළ ‘මහට වහින වාසි වැස්ස‘ වැඩසටහනටද සාර්ථක ප්‍රතිචාර හිමි වී ඇත.
DIMO හි දීර්ඝකාලීන හවුල්කරුවෙකු වන Mahindra Tractors ආයතනයේ ඉහළම තාක්ෂණය යොදාගනිමින් Mahindra Yuvo Tech+ 585 4WD ට්‍රැක්ටර් රථය නිර්මාණය කර ඇත.
Mahindra Yuvo Tech+ 585 4WD ට්‍රැක්ටර් රථය සතු සුවිශේෂී නව ගුණාංග නිසා කෙටි කලක් තුළ ප්‍රචලිත වූ අතර එය නිසැකවම වගා කටයුතුවල කාර්යක්ෂමතාවය ඉහළ නංවන නිවැරදිම තෝරාගැනීමයි. මෙහි ඇති සුපිරි ඉන්ධන කාර්යක්ෂමතාවය නිසා ආර්ථිකමය වශයෙන් වැඩි වාසියක් අපගේ ගොවිජනතාව වෙත පිරිනැමෙන අතර මෙහි ඉදිරියට ගියර් 12ක් සහ පසුපසට ගියර් 12ක් සහිත සින්ක්‍රොශටල් තාක්ෂණය සහිත Fully Constant Mesh ගියර් පද්ධතිය නිසා ඉන්ධන ඉතිරිය තවදුරටත් වැඩිකරයි. මෙම ට්‍රැක්ටර් රථය 50HP කාණ්ඩයට අයත් වන නිසා ඉතා අඩු කාලයක් තුළ වැඩි වැඩ ප්‍රමාණයක් ඉතා පහසුවෙන් සිදුකරගත හැකිය.