“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බෙන්තොට පුද්ගලික හෝටලයේදී අද (08) පෙරවරුවේ ආරම්භ විය.
චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය වාර්ෂිකව සංවිධානය කරන එම ප්‍රදර්ශනය අද සිට ජනවාරි 10 වෙනිදා දක්වා පැවැත්වේ.