ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ පිහිටි ‘නෙල්සන් එන්ටර්ප්‍රයිසස්’හි අධිපති ප්‍රවීණ ගායකයකු, කලා රසවතකු මෙන්ම හිටපු සංගීත ප්‍රසංග සංවිධායකවරයකු වූ නෙල්සන් ප්‍රනාන්දුගේ කුළුඳුල් චිත්‍රපට නිෂ්පාදනය වූ “Goodbye Evil” නම්වූ වාර්තාමය චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා කොළඹ “Light House Gallery” ශාලාවේදී කලාකරුවන් රැසක් පිරිවරා පැවැත්විණි.
කෙටි වාර්තාමය චිත්‍රපටයක් ලෙසින් එළිදැක්වීමට නියමිත මේ චිත්‍රපටයේ කතා තේමාව, සංකල්පය නෙල්සන් ප්‍රනාන්දුගේය.
නෙල්සන් ප්‍රනාන්දු, සංජීව උපේන්ද්‍ර, චමීර ලියනගේ, සුජානි මධුවන්ති, සංජීව දිසානායක, උදේනි අල්විස්, චමින්ද බටුකොටුව, ප්‍රභා සඳසීලි, සුපුන් මධුරංග, චින්තක විමලසිංහ, චින්තක ආරියවංශ, සතිස් හර්ෂණ ඇතුළු රංගන ශිල්පහු රැසක් මෙහි භූමිකා නිරූපණය කරති.