ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) විසින් 2024 වසරේ එක්දින කණ්ඩායම නම් කර ඇත.එහි නායකත්වයට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පත් කර තිබේ.ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව් දෙනෙක් එක්ව සිටිති.කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස්,පිතිකරුවකු ලෙස පැතුම් නිස්සංක සහ පන්දු යවන්නෙකු ලෙස වනිදු හසරංග නම් කර ඇත.සෙසු ක්‍රීඩකයින් වනුයේ ඇෆ්ගනිස්ථානයේ රහමනුල්ලා ගුර්බාස්,අස්මතුල්ලා ඔමාර්සායි,ඒඑම් ගසාන්ෆාර්, බටහිර ඉන්දීය කොදෙව් හි ෂීර්ෆානි රදර්ෆර්ඩ්, පාකිස්තානයේ සයිම් අයුබ්,ෂහීන් ෂා අෆ්රිඩි සහ හැරිස් රවුෆ් යන වෙති.
|