Industry Expo 2025 වසරේ දැවැන්තම කර්මාන්ත ප්‍රදර්ශනය සිව්වන වරටත් 2025 ජුනි 19 සිට 22 දින දක්වා BMICH හිදී

11

කර්මාන්ත හා ව්‍යවසායක සංවර්ධන අමාත්‍යංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධනය කරනු ලබන Industry Expo 2025 වසරේ දැවැන්තම කර්මාන්ත ප්‍රදර්ශනය සිව්වන වරටත් 2025 ජුනි 19 සිට 22 දින දක්වා BMICH පරිශ්‍රයේදී පැවැත්වීමට සංවිධානය කර ඇත.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ව්‍යවසායකත්ව ප්‍රවර්ධනයක් තුළින් අපනයන කේන්ද්‍රයට නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩ නැංවීමේ එක් පියවරක් ලෙස පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය මඟින් කර්මාන්ත කේෂත්‍ර 25ක සුළු, මධ්‍ය හා මහා පරිමාණ අංශයන් නියෝජනය කරමින් දිවයිනේ දිස්ත්‍රික් 25 ආවරණය වන පරිදි සංවිධානය කර ඇත.

දේශීය සහ විදේශීය වෙළෙඳපොළ ජාල ගොඩනැඟීම, විකුණුම්කරු ගැනුම්කරු හමු, අමුද්‍රව්‍ය සැපයුම් ජාල ගොඩනැඟීම, තාක්ෂණ හුවමාරුව, යන්ත්‍ර උපකරණ හඳුන්වාදීම මෙම ප්‍රදර්ශනය තුළින් පහසුකම් සළසා ඇත.

නව ව්‍යවාසයකින් හා දැනටමත් විවිධ කේෂත්‍ර තුළ නිරත ව්‍යවසායකයින් සඳහා ඔවුන් මුහුණ දෙන ගැටළු වලට විසඳුම් හා දැනුම හුවමාරු කර ගැනීම සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයට පහසුකම් සපයන සියළුම ආයතන වල සේවා පහසුකම් (One Stop) මධ්‍යස්ථානය මෙම ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර ඇත.

නවෝත්පාදකයින් සඳහා ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම, දැනුම හුවමාරු කර ගැනීමට, පාර්ශවකරුවන් සම්බන්ධ කර ගැනීමට හැකි වන පරිදි නවෝත්පාදන ප්‍රදර්ශන කලාපයක් (Innovation arena) මෙන්ම නව ව්‍යවසාකත්ව සංස්කෘතියක් කරා යන ගමනට පාසල් ව්‍යවසායක කව වලින් ලැබෙන දායකත්ව පිළිඹිබු කරන පාසල් ව්‍යවසායකත්ව කුටි මෙම ප්‍රදර්ශනය තුළ අන්තර්ගතය.


advertistmentadvertistment