කැස්බෑව සොෆ්ට් බෝල් පොයින්ට් සිස්ටම් මගින් පවත්වන 2024 දැවැන්තම ක්‍රිකට් තරගාවලිය ලෙස කැස්බෑව ප්‍රිමියර් ලීග් (KPL 2024) ක්‍රිකට් තරග මාලාව මේ මස 13 වැනි දින පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රි තරග මාලාවක් ලෙස පැවැත්වීමට නියමිතය.
මේ සඳහා කැස්බෑව පොයින්ට් සිස්ටම් හි ක්‍රීඩා කරන කණ්ඩායම් 56ක ක්‍රීඩකයන් 800කට ආසන්න සංඛ්‍යාවක් අතරින් කණ්ඩායම් 10ක් හා දක්‍ෂතම ක්‍රීඩකයන් 130ක් පමණ නියෝජනය කරමින් මෙම තරග මාලාව පැවැත්වේ. එදින තරග වැදීමට නියමිත කණ්ඩායම් වන්නේ,
Auckland Lions/ PL Super Kings/ Dubai serendib/ Milano Strickers/ RST Tuskers/ Rome Super Kings/ Nippon Giants/ Fardar Express/ Royal challenges/ xi Dragons වේ.
ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිවල ඉහළ පෙළේ විනිසුරුවරු හා ප්‍රකට නිවේදකවරුන් මෙම තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතය.
උපුල් රුවන්