Money Drop – දෙවැනි අදියර ඇරැඹේ

78

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වැඩසටහනක් වන Money Drop හි ශ්‍රී ලාංකීය නියෝජනය වන සිරස Five Million Money dorop වැඩසටහනේ දෙවැනි අදියර පසුගිය 02 වැනිදා ආරම්භ විය.

මෙම අදියර ද වැඩසටහන් පනහකින් සමන්විත වන අතර සති අන්තයේ රාත්‍රි 9.00 සිට 10.00 දක්වා සිරස ටීවී තුළින් විකාශය වේ. සුපුරුදු පරිදි චරිත් අබේසිංහ විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලබයි.

Money Drop - දෙවැනි අදියර ඇරැඹේ

මේ පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම්. ටී. වී. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් මහතා මෙසේ පැවැසීය.

Mony Drop දෙවැනි අදියර සඳහා පළමු පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමත් සමග අපි බලාපොරොත්තු නොවුණ ආකාරයේ තරඟකරුවන් සංඛ්‍යාවක් ඉල්ලුම්පත් යොමු කරල තිබුණා.

පළමු අදියරට සාපේක්‍ෂව දෙවැනි අදියරේදී විනෝදාස්වාදය පැත්තට වැඩි අවධානයක් යොමු කරල තියෙනව. ඒ වගේම මෙවර අපි උත්සාහ කරනව ජනප්‍රිය චරිත වැඩි වශයෙන් වැඩසටහනට එකතුකර ගන්න. ඒ හරහා ප්‍රේක්‍ෂකයන්ට වැඩි විනෝදාස්වාදයක් ලබාදෙන්න හැකි වේවි කියල අපි විශ්වාස කරනව.

Mony Drop යනු… නෙදර්ලන්තයේ මාධය ආයතනයක් වන Endemol විසින් හඳුන්වා දුන් Mony Drop අන්තර්ජාතිකව ව්‍යාප්තව ඇති වරලත් වැඩසටහනකි. මෙම වැඩසටහන එක්සත් රාජධානිය තුළ විකාශනය වන්නේ The Million Pound Drop Live යන නමිනි.

තරගයේ ස්වභාවය.

Mony Drop වැඩසටහනේදී ඉදිරිපත් වන තරඟකරුවන් දෙදෙනාටම තරඟ කිරීම සඳහා මිලියන පහක මුදලක් ලැබේ. තරඟකරුවන් දෙදෙනාට උත්තර දීම සඳහා බහුවරණ ස්වරූපයේ ප්‍රශ්න 7ක් ලැබෙන අතර අදාළ ප්‍රශ්නවලට තමන් සතුව ඇති මුළු මුදලම තැබිය යුතු වේ. වැරදි පිළිතුර/පිළිතුරු සඳහා තබන මුදල Mony Drop ද්වාරය හරහා පහතට වැටී අහිමි වී යයි. ප්‍රශ්න හතම අවසන් වූ පසු ඉතිරි වන මුදල තරඟකරුවන්ට ජයග්‍රාහී මුදල ලෙස හිමි වේ.

මහේෂ්


advertistmentadvertistment