ඉන්දීය පරිපාලනය යටතේ පවතින ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි පසුගියදා සිදු වූ ඉන්දියානු ජාතිකයන් 26 දෙනෙකු ඝාතනය කළ ත්‍රස්ත ක්‍රියාව ගැන පාකිස්තානය සමඟ ඒකාබද්ධ පරීක්ෂණයකට සහය දීමට ඉන්දියාව සූදානම් නැති බව ‘දිවයින’ ට වාර්තා වේ.
සිවිල් වැසියන් ඉලක්ක කරගත් මේ දරුණුතම ප්‍රහාරය ගැන ඒකාබද්ධ පරීක්ෂණයකට සහය දීමට ඉන්දියාව සූදානම් බවට පළව ඇති වාර්තා සත්‍ය නොවන බව ද තවදුරටත් වාර්තා වේ.