S.S.S.හි මුහුරත් උළෙලදා….

76

ඉන්දියාවේ south asia film service සමාගම එක්ව ලංකාවේ සහ ඉන්දියාවේ රූගත කිරීම් සිදුකෙරෙන ඉන්දීය චිත්‍රපටයක් වන S.S.S. හි මුහුරත් උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි. එම්. නාසර්, විජය කුමාර්, දිව්‍යා, අක්ශිතා, Tamil Big Boss තරු ඇතුළු ජනප්‍රිය දමිළ තෙළිඟු නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායකවීමට නියමිතය. මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ප්‍රකට සිනමා නළු ජේ. ආකාශ් විසිනි. නිෂ්පාදනය තව්තිසා පික්චර්ස් සභාපති මොහාන් පෙරේරා මහතා විසිනි. මෙය තෙළිඟු, කන්නඩ, මලයාලම් භාෂාවලින් සිදුකෙරෙන දැවැන්ත අන්තර්ජාතික නිෂ්පාදනයකි. ඉන්දියාව, ලංකාව, කැනඩාව, එංගලන්තය ඇතුළු රටවල් කිහිපයකම එකවර ප්‍රදර්ශනය ඇරඹීමට කටයුතු සම්පාදනය වී ඇත. ගිහානි වීරසිංහ, ජීවන් කුමාරතුංග ශේෂාද්‍රි ප්‍රියසාද් ඇතුළු ශ්‍රී ලාංකීය තරු රැසක් ද මෙම නිර්මාණයට රංගනයෙන් දායක වෙති.

S.S.S.හි මුහුරත් උළෙලදා….

advertistmentadvertistment