ST පවර් ජූනියර් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට

15

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ කළුතර දිස්ත්‍රික් ශාඛාව සංවිධානය කරන වයස අවුරුදු 15න් පහළ ST පවර් ජුනියර් ප්‍රිමියර් ලීග් ඇකඩමි ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (17) සහ අවසන් තරගය 18 (හෙට) බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් පූර්ව තරග සඳහා කළුතර තිස්ස විද්‍යාලය, යන්ග් වොරියර්ස් SA ක්‍රිකට් ඇකඩමි හා Lyceum (ලයිසියම්) පානදුර යන කණ්ඩායම් තරගවදී. කණ්ඩායම් 15ක් ලීග් ක්‍රමයට තරග වැදුණු තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා මුදලින් රු. 100,000/=ක මුදලක් ද අනුශූරතාවයට මුදලින් රු. 75,000/=ක් ද එසේම දක්‍ෂතම පිතිකරු, දක්‍ෂතම පන්දු යවන්නා අවසන් තරගයේ වීරයා හා තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා වෙනුවෙන් සම්මාන ප්‍රදානය කෙරේ.


advertistmentadvertistment