Technocity ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Kaspersky නිල බෙදාහැරීම් සමාගම ලෙස පත් කෙරේ

23

ලොව සයිබර් ආරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන Kaspersky, සිය පරිගණක වෛරස විනාශ කිරීමේ මෘදුකාංග (Anti-virus software – පාරිභෝගික කාණ්ඩය) සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකම නිල බෙදාහැරීම් නියෝජිත ලෙස Technocity (පුද්.) සමාගම පත් කර තිබේ.

මෙම පත්කිරීම නිවේදනය කිරීම සඳහා සංවිධානය කරන ලද විශේෂ උත්සවයක් පසුගියදා කොළඹදී පැවැත්වුණු අතර, දෙපාර්ශ්වය නියෝජනය කරන ප්‍රධාන පෙළේ නියෝජිතයන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

සයිබර් ආරක්ෂාවේ නවෝත්පාදන සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුලන Kaspersky මේ වනවිට ලොව රටවල් 200 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති අතර, ලොව පුරා කාර්යාල 35 ක් පිහිටුවා තිබේ. ලොව පුරා සමාගම් හා ආයතන 220,000 කට අධික සංඛ්‍යාවක් සහ පුද්ගලයන් මිලියන ගණනක් Kaspersky කෙරෙහි විශ්වාසය තබා ඇත. සයිබර් ආරක්ෂාවට එල්ලවෙන තර්ජන සම්බන්ධයෙන් නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් එම තර්ජන පිටුදැකිය හැකි ක්‍රම හඳුන්වා දීමට Kaspersky සෑම විටම කටයුතු කරයි. මෑතකදී ‘Gartner and Forrester’ විසින් Kaspersky සයිබර් තර්ජනවලින් අන්තර්ජාල උපාංග ආරක්ෂා කිරීම සම්බන්ධ ලොව ප්‍රමුඛයකු ලෙස නම්කරන ලදී.


advertistmentadvertistment