අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටි විෂය සංඛ්‍යාව මුල් කාලයේ විෂයන් 4ක් වුවද, 2000 වර්ෂයේ සිට එය විෂය 3 දක්වා අඩු කිරීමට ලක්කරන ලදී. එසේ අඩු කිරීමත් සමගම එතෙක් පැවති එක් එක් විෂය සඳහා ලබාගත් ලකුණුවල එකතුව අවසන් ලකුණ ලෙස ලබා දීම වෙනුවට Z ලකුණක් හඳුන්වා දෙන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ශිෂ්‍යයා ලබා ගන්නා ලද ලකුණු (Raw mark) මත පදනම්ව දිස්ත්‍රික් හා දිවයින් තරා කිරීම (Rank) නවතා දමා ඒ වෙනුවට Z ලකුණු මත දිස්ත්‍රික්ක හා දිවයින් තරා කිරීමට සිදු කරන ලදී.

Z ලකුණ පිළිබඳව සාකච්ඡා කිරීමේදී එහි ප්‍රථමයෙන් Z ලකුණ සඳහා වන සQත්‍රය පිළිබඳව දැන ගැනීම අවශ්‍ය වේ.

යම් විෂයක් සඳහා වන ලකුණ = අපේක්‍ෂකයා එම විෂය සඳහා – එම විෂය සඳහා සමස්ත සිසුන්

( Z) ලබාගත් අමු ලකුණ ලබාගත් ලකුණුවල මධ්‍යන්‍යය

(X) (: )

එම විෂයෙහි සම්මත අපගමනය ලෙස සරලව හඳුන්වා දිය හැක.

මේ ආකාරයට විෂය 3 සඳහාම Z ලකුණ එක් එක් අපේක්‍ෂකයාගේ ලකුණු මත පදනම්ව ගණනය කරනු ලබන අතර එහි සාමාන්‍ය අගය අපේක්‍ෂකයාගේ අවසන් Z ලකුණ ලෙස සැළකේ.

කෙසේ වුවද සියලුම විෂය අසමත් හා එක් විෂයක් පමණක් සමත් අපේක්‍ෂකයන් වෙනුවෙන්ද Z ලකුණක් ගණනය කිරීමක් සිදු කරනු නොලැබේ.

Z ලකුණ සඳහා වන සමීකරණය දුටු පමණින් අපට නිරීක්‍ෂණය කළ හැකි කරුණු කිහිපයක් පහත දැක්වේ.

යම් අයැදුම්කරුවකු සාපේක්‍ෂව දුෂ්කර විෂයක් සඳහා වැඩි ලකුණක් ලබා ගත්තේ නම් සමීකරණයේ ඉහළ කොටසෙහි අගය සාපේක්‍ෂව විශාල සංඛාවක් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එම විෂය සඳහා අපේක්‍ෂකයා වැඩි Z ලකුණක් ලබා ගනී. (සම්මත අපගමනය නොසලකා හරිනු ලැබේ නම්)

එසේම අපේක්‍ෂකයා වැඩි ලකුණක් ලබා ඇත්තේ සාපේක්‍ෂ වශයෙන් පහසු විෂයකට නම් එම අපේක්‍ෂකයා එම විෂය සඳහා ලබා ගන්නා Z ලකුණ අඩු අගයකි.

මෙය උදාහරණයක් මගින් පහත පරිදි පැහැදිලි කළ හැක.

P හා Q නැමැති විෂයන් දෙකක් සළකන්න

යම් දරුවෙකු P විෂය සඳහා ලකුණු 50 ක් ද Q විෂය සඳහා ලකුණු 75 ක් ද ලබාගෙන ඇතැයි සිතන්න. P විෂය සාපේක්‍ෂව දුෂ්කර විෂයක් වන අතර එහි එම විෂයෙහි සමස්ත අපේක්‍ෂකයන් ලබාගත් ලකුණුවල මධ්‍යන්‍යය 32 කි. සම්මත අපගමනය 18 කි.

Q විෂය සාපේක්‍ෂව පහසු විෂයක් වන අතර එම විෂයෙහි ලකුණුවල මධ්‍යන්‍ය 60 කි. සම්මත අපගමනය 18 කි. ඒ අනුව දරුවා P හා Q විෂයන්ට ලබාගන්නා Z ලකුණු අගය පහත පරිදි ගණනය කළ හැක.

P විෂය සඳහා Z ලකුණ (49 – 32) = 0.9444

18
Q විෂය සඳහා Z ලකුණ (75 – 60) = 0.8333

18

යම් විෂයකට ලකුණු 75 හෝ ඊට වැඩි අපේක්‍ෂකයා ලබා ගන්නේ නම් ඔහුට එම විෂයට “A” සාමාර්ථයක් හිමි වේ. යම් කිසි අපේක්‍ෂකයකු 35-49 අතර යම් විෂයකට ලකුණු ලබා ගෙන ඇත්නම් ඔහුට එම විෂය සඳහා හිමිවන්නේ “S” සාමාර්ථයකි.

ඒ අනුව ඉහත P හා Q විෂයන් සැළකවිට P විෂය සඳහා අපේක්‍ෂකයා ලබා ඇත්තේ “S” සමාර්ථයකි. Q විෂය සඳහා අපේක්‍ෂකයා A සාමාර්ථයක් ලබාගෙන ඇත. එසේ වුවද ශිෂ්‍යයා “A” සාමාර්ථයක් ලබාගත් විෂයේ Z ලකුණ වැඩි අගයකි.

මේ අනුව සාපේක්‍ෂව දුෂ්කර විෂය සඳහා වැඩි ලකුණක් ලබා ගැනීමට උත්සාහ කිරීම අපේක්‍ෂකයාගේ සමස්ත Z ලකුණු ඉහළ නංවා ගැනීමට හේතුවන බව පැහැදිලි වේ.

මීළඟට අවධානය යොමු කරනුයේ සමාජයේ විටින් විට කතා බහට ලක් වී ඇති, එකම විෂයන් 3 ක් සඳහා විභාගයට පෙනී සිටි අපේක්‍ෂකයන් දෙදෙනකුගෙන් ඉහළ සාමාර්ථ ලැබූ අපේක්‍ෂකයාට වඩා අඩු සාමාර්ථයක් ලැබූ අපේක්‍ෂකයාට ඉහළ Z අගයක් හිමිවීමේ අවස්ථාවන්ය.

මෙවැනි සංසිද්ධි ඇතිවීමේ අවස්ථා පහත උදාහරණය ඔස්සේ පැහැදිලි කරගත හැකිවේ. A හා B දරුවන් දෙදෙනකු P, Q, R යන විෂයන් සඳහා පෙනී සිට ඇති බව සළකන්න.

A දරුවා විභාගය සඳහා පෙනී සිටි විෂයන් 3 සඳහා A සාමාර්ථ ලබාගෙන ඇති අතර B දරුවා ලබාගෙන ඇත්තේ A, B සාමාර්ථ හා ක්‍ සාමාර්ථයකි.

ඒ ඒ විෂයන් සළකා දරුවා ලබාගත් ලකුණු, විෂය මධ්‍යන්‍යය, සම්මත අපගමනය පහත පරිදි දක්වා ඇත.

Z ලකුණ ගැන ඔබ නොදත් දේ

මීළඟට එක් එක් දරුවා ඒ ඒ විෂයට ලබා ගන්නා ලද Z ලකුණ හා අවසාන Z ලකුණ පහත පරිදි ගණනය කළ හැක.

P විෂය සඳහා Z ලකුණ Q විෂය සඳහා Z ලකුණ ඍ විෂය සඳහා Z ලකුණ අවසන් Z ලකුණ

Z ලකුණ ගැන ඔබ නොදත් දේ

ඒ අනුව එක් එක් විෂය සඳහා ලකුණු ලබා ගැනීමේ ස්වභාවය අනුව A සාමාර්ථ 3 ක් ලබාගත් අපේක්‍ෂකයාට වඩා B, C සාමාර්ථ 3 ක් ලබාගත් අපේක්‍ෂකයා ලද අවසන් Z ලකුණ ඉහළ අගයක් ගෙන ඇත. ඊට සමගාමීව දිවයින් හා දිස්ත්‍රික් තරාව (Rank) ඉහළ අගයක් පවතින බව පැහැදිලිය.

මේ අනුව ඉතා පැහැදිලි කරුණක් වන්නේ Z අගය අපේක්‍ෂකයා ලබාගත් සාමාර්ථය මතම රඳා නොපවතින බවයි. ලබාගත් සාමාර්ථ පමණක් සළකා යම් අපේක්‍ෂකයකු තවත් අපේක්‍ෂකයකුට වඩා ඉහළ Z ලකුණක් ලබා ඇතැයි ප්‍රකාශ කළ නොහැකි වේ.

මෙම සියලු කාරණා සළකා බැලීමෙන් අ.පො.ස. (උ.පෙළ) විභාග අපේක්‍ෂකයන් දැනගත යුතු සරළම කරුණ වන්නේ සාපේක්‍ෂව දුෂ්කර විෂය සඳහා වැඩි වශයෙන් කැපවීම තුළින් ඉහළ Z අගයන් කරා යා හැකි බවයි

එල්.ජී.එස්. සමරකෝන්

හිටපු නියෝජ්‍ය විභාග කොමසාරිස්


advertistmentadvertistment