ආදිවාසීන් දළදා සමිඳුන් වැඳ පුදා ගනී

416


ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඇතුළු ආදිවාසීන් සිරි දළදා වන්දනාවට එක්වෙමින් දළදා වහන්සේ වෙත මී පැණි හා විළඳ පූජා කිරීම 23 දිනයේදී සිදුවිය.
ජීවමාන බුදුන් වහන්සේට කිත්සිරි මෙවන් රජු දවස තණමල්විලදී මී පැණි හා විළද පූජා කිරීමේ චාරිත්‍රය ඉටු කිරීම වෙනුවෙන් සිරි දළදා වහන්සේට මී පැණි හා විළද පූජා කිරීම මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රමුඛ අධිවාසී පිරිසක් එක්ව සිටියහ.


advertistmentadvertistment