ආරක්ෂාවට පොලිසියේ 65,000ක් සමග යුද හමුදාවේ 8500ක්

32

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන හෙට (06 වැනිදා) මැතිවරණ ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා පොලිසියේ සහ යුද හමුදාවේ නිලධාරීන් යොදවන බව එම මාධ්‍ය ප්‍රකාශකවරු ‘දිවයින’ට ඊයේ (04 වැනිදා) පැවසූහ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණ රාජකාරි කටයුතු පොලිස් නිලධාරීන් හැටපන්දහසක් (65,000) අද (05 වැනිදා) සිට 07 වැනිදා දක්වා යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ‘දිවයින’ට පැවසීය.

එම නිලධාරීන් අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි, ආරක්ෂක, ජංගම මුර සංචාරයේ යෙදෙන නිලධාරීන් වන බව ද ඒ මහතා කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණයේදී රටේම ආරක්ෂාව වෙනුවෙන් මහාමාර්ගවල යුද හමුදා නිලධාරීන් 8,500ක් යොදවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් වරුණ ගමගේ මහතා ‘දිවයින’ට කීය.

පොලිසිය සමග සහයෝගයෙන් මෙම ආරක්ෂක රාජකාරි සිදුකරන බව ද හෙතෙම කියා සිටියේය.

මීට අමතරව හදිසි අවශ්‍යතාවයක් වුවහොත් සියලු යුද කඳවුරුවල සිටින සෙබළුන් සූදානමින් සිටින බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment