ධනුෂ්කොඩි සිට තලෙයිමන්නාරමට පිහිනූ සිසුවා ඇගයේ

268

ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්වා කිලෝමීටර් 30ක දුරක් පිහිනූ මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ ඉගෙනුම ලබන ජනාධිපති බාලදක්ෂ දේවේන්ද්‍රන් මධුෂිකන් ශිෂ්‍යයා ඇගයීමේ උත්සවයක් ටීඑම්වීපී පක්ෂ නායක, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරයි චන්ද්‍රකාන්තන් මහතාගේ ප්‍රධානත්වයෙන් සෙත්සිරිපාය ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (07 වැනිදා) පැවැත්විණි.

පාසල් ශිෂ්‍යයකු වශයෙන් දේවේන්ද්‍රන්ගේ මෙම නිර්භීතකම සහ ධෛර්යය අගය කිරීමත් අනාගතයේදී තවත් මෙවැනි ජයග්‍රහණ අත්කර ගැනීමටත් රාජ්‍ය ඇමැතිවරයා එහිදී පොරොන්දු විය.


advertistmentadvertistment