අපේක්ෂකයෝ 70,000ක්
පළාත් පාලන ආයතන 339කට සභිකයන් තෝරා ගැනීම සඳහා ලබන 06 වැනිදා ඡන්ද දායකයෝ එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ පනස්හයදහස් තුන්සිය තිස්අට දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.
ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී අනිද්දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම සිදු කෙරේ. පසුව එම මධ්‍යස්ථානවලින් ඇතැම් ඒවා ගණන් කිරීමේ මධ්‍යස්ථාන බවට පත්කෙරනු ඇත.
ඡන්ද ගණන් කිරීම එක් කොට්ඨාසයක ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථානයකදී බැගින් ගණන් කිරීමේ මධ්‍යස්ථාන 5,783කදී සිදු කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඡන්ද ගණන් කිරීම සවස 5.00 පමණ වනවිට ආරම්භ කිරීමට නියමිතය. කොට්ඨාසවල ප්‍රතිඵල අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ලබාදීමෙන් පසුව සමස්ත ආයතනවල ප්‍රතිඵල සටහන් කෙරෙනු ඇත.
මෙවර දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් හැත්තෑදහසකට ආසන්න පිරිසක් මැතිවරණයට තරග කරන අතර ඉන් නියෝජිතයන් 8500 දෙනකු පමණ තෝරා පත්කර ගැනීමට නියමිත බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසයි.
මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ (03දා) මධ්‍යම රාත්‍රී 12න් අවසන් කෙරිණ.
රනිල් ධර්මසේන