වැ.බ. පොලිස්පති
අත්අඩංගුවට පත්වන මත්ද්‍රව්‍ය රසපරීක්ෂක කාර්යාලයේ සහ නඩු භාණ්ඩ කාර්යාලවල තිබීමෙන් ව්‍යවසනකාරී ක්‍රියාවක් වීමට ඉඩ ඇති නිසා ඒවා විනාශ කිරීමට පියවර ගත් බව මත්කුඩු තොගයක් විනාශ කිරීමේ අවස්ථාවට ඊයේ (28දා) එක්වෙමින් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝ 494 ග්‍රෑම් 48ක් පමණ පුත්තලම සිමෙන්ති සමාගමට අයත් දහන උදුනක දමා විනාශ කිරීමේ අවස්ථාවට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මෙම අදහස් දැක්වීම කළේය.
කොළඹ මහාධිකරණයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය ලබාගෙන ශ්‍රී ලංකා පොලිසියේ අධිආරක්ෂාව යටතේ පුත්තලම, පාලවිය සිමෙන්ති කර්මාන්ත ශාලාවේදී විනාශ කිරීම ඊයේ සිදුවිය. මෙම මත්ද්‍රව්‍ය තොගයෙන් කොටසක් 2021 දෙසැම්බර් 15 ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් කිලෝ 250 ග්‍රෑම් 996ක් සහ 2022 අප්‍රේල් 19 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගත් කිලෝ 243 ග්‍රෑම් 52ක් බව සඳහන් වේ.
චමින්ද සිල්වා