අද මාධ්‍ය වෙනස් වෙලා – ආචාර්ය සෝමරත්න දිසානායක

164

ඉටි පහන් You Tube අවකාශයට

කෙනෙකුගේ ජීවිතයට ඉටිපහනක් ආලෝකයක් වෙන්න පුළුවන් වගේම ඉටිපහනක් නිසා තව කෙනෙකුගේ ජීවිතයක් විනාශ වෙන්නත් පුළුවන්. හිතන්නට බොහෝ දෑ තිබේ. ඉටිපහන් අපේ ජීවිතයට සමීපයි.

වසර ගණනාවකට කලින් එනම්, අවුරුදු 29 කට ඉහතදී ඉටිපහන් ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය වංශකතාවේ අද්විතීය සලකුණක් තැබුවා. වසර 29 කට පසුව නැවත ශ්‍රී ලංකා ටෙලිනාට්‍ය වංශ කතාව දිහා ආපහු හැරී බලන ආචාර්ය සෝමරත්න දිසානායකයන් යූ ටියුබ් අවකාශය තුළින් ටෙලිනාට්‍ය වංශ කතාවේ තවත් පිටුවක් පෙරළීමට සැරසේ.

අද මාධ්‍ය වෙනස් වෙලා - ආචාර්ය සෝමරත්න දිසානායක

ඉටිපහන් කියලා කියනකොටම ඔබේ මතකය එකපාරටම දෝංකාර දෙන ගීතයත් තිබේ.

සුළඟට සැලෙනා – සුළඟට සැලෙනා
(පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා)
ඉටිපහනක් දෝ මා
නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා…

ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ ඇමුණුමට ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ළයාන්විත හඬ අවදි කරනුයේ විශාරද නන්දා මාලනීයන්ය.

මේ ගීතය ඇසෙන කොටම අද පරපුර කෙසේ වෙතත් අතීත පරපුරට නම් මේ ගීතය මතකයේ රැව්දෙනවා නොඅනුමානය. වසර 29 කට කලින් 1995 වසරේ තමයි ‘ඉටිපහන්’ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය වුණේ. මේ 2024 වසර.

ඉතිං අපි මේ හමුවේ අරමුණ ජනගත කිරීමට ‘ඉටිපහන්’ දැවි දැවී තිබෙන්න බැරපැනෙන් දැරූ ප්‍රයත්නය ගැන කියන්නට රේණුකා බාලසූරිය නිෂ්පාදිකාවට,

ඉතිං බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලා සිටියා නැවත ‘ඉටිපහන්’ බලන්න අවස්ථාව උදාකරලා දෙන්න කියලා. නමුත් මොනයම් හෝ ක්‍රියාමාර්ගයක් හින්දා රූපවාහිනී මාධ්‍ය විකාශනය කිරීම වැළැක්වුණා. මම කිහිපවතාවක්ම උත්සාහ කළා නාලිකාවල පෙන්වන්න. ඒත් නිසි ඇගයීමක් ඇත්තටම ලැබුණේ නැහැ. හේතුව මොකක්ද කියන්න මම දන්නේ නෑ. නමුත් අපිට මතකයි ‘ඉටිපහන්’ පෙන්වන කාලයේ ඒකට තිබුණු ප්‍රේක්ෂක ආදරය.

අද මාධ්‍ය වෙනස් වෙලා - ආචාර්ය සෝමරත්න දිසානායක

ඉටිපහනක් කියන්නේ අනෙක් අයට දීලා තමන්ගේ ජීවිතය විනාශ කර ගන්න වස්තුවක්. ඉතිං අපේ ඉටිපහන් කතාවත් සුමිත්‍රා මවපු දුලීනත් එහෙමයි. වටේ ඉන්න හැමෝටම ආලෝකය දිලා දුලීනා දියවෙලා යනවා. ඒ කතාව තමයි ඉටිපහන් කියන්නේ. අපි පසුගිය 19 වැනිදා ජනගත කරන්නේ ඉටිපහන් එක. ඉටිපහන් පොතට ප්‍රවිශ්ඨයක් හැටියට ඉටිපහන් ටෙලිනාට්‍යයට ප්‍රවිශ්ඨයක් හැටියට සෝමේ ලියපු සෝමෙගේ හිතේ මැවුණු අලුත්ම කතාව තමයි ඉටිපහන් එක ලෙස ජනගත කළේ.

ඇත්තටම ලොකු සතුටක් දැනෙන වෙලාවක්. හැබැයි ඒ සතුට එක්ක මට ලොකු දුකක් තිබෙනවා. හේතුව අවුරුදු 29 ක් ගිහිල්ලා එදා අපිත් එක්ක ඉටිපහන් කණ්ඩායමේ අත්වැල් බැඳගෙන හිටපු බොහෝදෙනෙක් අප අතර නැහැ. කැමරා අධ්‍යක්ෂ සුමින්ද වීරසිංහ, ලලිත් ප්‍රේමතිලක, ගාමිණී හෙට්ටිආරච්චි, දුලීනාගේ සැමියාට රඟපෑ විනී වෙත්තසිංහ, ජයලාල් රෝහණ, සරත් චන්ද්‍රසිරි, එල්සන් දිවිතුරගම, දයා පුංචිහේවා වගේ අයට අපට අහිමි වුණා.

‘නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා’ ඉටිපහනේ කථානායක ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ තම කෘතිය යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයට ජනගත කිරීමෙන් පසු කියූ කතාවය.

අද මාධ්‍ය වෙනස් වෙලා - ආචාර්ය සෝමරත්න දිසානායක

අපි එදා දැක්ක මාධ්‍ය නෙමෙයිනේ අද තියෙන්නේ. එදා නම් ඉතිං පත්තරේ ඇඩ් එකක් දාපුවහම ඇති. නමුත් අද මාධ්‍ය වෙනස්වෙලා තිබෙනවා. ඉටිපහන් සම්මානයට පාත්‍ර වූ නවකතාවක්. ඒ නවකතාව කිය වූවට පසුව මම ඒකට හරි කැමැති වුණා. මොකද ඒ කතාවෙන් කියැවෙන්නේ අපේ රටේ එක්තරා යුගයක තිබුණු දේශපාලනික සහ සමාජයීය අභියෝග ප්‍රතිරෝද ගැටුම් අසාධාරණකම් රාජ්‍ය බලය අවභාවිතාවයෙන් ජනතාව පීඩාවිඳින හැටි යන මාතෘකා කිහිපයක් සුමිත්‍රා කතා කර තිබෙනවා. මම පෞද්ගලිකවත් භෞතික වශයෙන් සහ චින්තනමය වශයෙන් ඒ නවකතාවේ බොහෝ දේ සමග එකඟවෙනවා. ඉතිං මට හිතුණා මේ කතාව නවකතාවකින් එළියට අරගෙන එන්න ඕනෑ කියලා. චිත්‍රපටයක් කිරීම් සිහිනය මට තිබුණට චිත්‍රපට කියන කලා මාධ්‍යය අනූව දශකයේදී මට හුඟක් ඈතයි. ඉටිපහන් නව කතාව අපතේ යන්න දෙන්න බැහැ. නැතිනම් ඕකෙන් තව කවුරුහරි වෙන මොකක් හරි කරනවා. ඒ හින්දා මම සුමිත්‍රාව හමුවෙලා අපි මේකෙන් ටෙලිනාට්‍යයක් කරමු කියලා කිව්වා. ඒ වෙනකොට මම ඒ තරම් ප්‍රසිද්ධ නිර්මාණකරුවෙක් නෙමෙයි. මගේ වේදිකා නාට්‍ය සහ ටෙලිනාට්‍ය කිහිපයක් ජනප්‍රියත්වයට පත්වෙලා තිබුණා. මම අද ඉන්න තැන නෙමෙයි එදා හිටියේ. හැබැයි සුමිත්‍රා මා ගැන අවබෝධයෙන් ඉඳලා සෝමේ අපි මේක කරනවා නම් කරමු කියලා කිව්වා.

අද මාධ්‍ය වෙනස් වෙලා - ආචාර්ය සෝමරත්න දිසානායක

ඉටිපහන් ටෙලිනාට්‍ය මාලාව කරද්දී අපිට තිබුණා අභියෝග ගොඩක්. පළමු අභියෝගය තමයි මේක නිදහස ලැබීමට පෙර අපි කවුරුවත් දැකලා නැති අපිට කිසිම අත්දැකීමක් නැති පොතපතේ ඉතිහාසයෙන් පමණක් ලබාගත් දැනුම යොදාගෙන ප්‍රතිනිර්මාණය කිරීම. එවකට ලංකාව මොන විදිහට තියෙන්න ඇතිද? නමුත් බොහොම අමාරුවෙන් අපි ඒක හොයාගත්තා. අනෙක් කාරණාව ඉංග්‍රීසි නළු නිළියක් විශාල පිරිසක් ඕනෑවුණා. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, බ්‍රිටිෂ් කවුන්සිල් සහ බ්‍රිටිෂ් ඉන්ටර්නැෂනල් ස්කූල් කියන ආයතන හරහා තමයි ඒ චරිත තෝරාගත්තේ. ඊට පසුව අපිට තිබුණ ප්‍රධානම අභියෝගය තමයි දුලීනාගේ චරිතය. ඒ චරිතයට තිබුණ අභියෝගය තමයි හිරිමල් වයසේ සිට ඇය හැට හැත්තෑවියේ පසුවන වියපත් කාන්තාවක් වශයෙනුත් රඟපාන්න ඕනෑ. මට විශ්වාසයක් තිබුණා වසන්ති මේ චරිතය කරයි කියලා. ඒක හින්දා ඇය අපි ප්‍රධාන භූමිකාවට තෝරාගත්තා. මේ වැඩේට පුංචි දඟකාර කෙල්ලක් ඕනෑ වුණා. ඇයව අපි අන්තිමේ හොයාගත්තා. ඇය නමින් අනර්කලී ආකර්ෂා. ඇගේ ආරම්භය තමයි ඉටිපහන් ටෙලිනාට්‍යය.

දිනේෂ් විතාන

අද මාධ්‍ය වෙනස් වෙලා - ආචාර්ය සෝමරත්න දිසානායක
advertistmentadvertistment
advertistmentadvertistment