සචින් හෙට මෙරටට

1181

ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් හෙට (08 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

යුනිසෙෆ්හි දකුණු ආසියානු කලාපීය තානාපතිවරයෙකු ලෙස සචින් ශ්‍රී ලංකාවට පැමිණේ.

ඔහු මෙරටට පැමිණෙන්නේ කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැත්වෙන යුනිසෙෆ් ආයතනය සංවිධානය කරන කොවිඩ්-19 වසංගතය, කලාපයේ දරුවන්ගේ ජීවිතවලට ඉන් ඇති වූ බලපෑම සහ ආර්ථික අර්බුදය යන මැයෙන් දේශනයක් සහ ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගිවීම සඳහාය.

යුනිසෙෆ් කලාපීය තානාපතිවරයෙකු වශයෙන් සචින් ඔහුගේ භූමිකාව හරහා දකුණු ආසියානු කලාපය පුරා ළමා අයිතිවාසිකම්, ආරක්ෂාව, සංවර්ධනය සහ ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment