අද සිට මූදු යන්න අවසර නෑ

260

අද දින සිට නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී දැඩි වර්ෂාපතනයක් දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාර්තාවීමත් සමග එම දෙපාර්තමේන්තුව මෙම තීරණය ගත් බව ඒ මහතා පවසයි.
එසේම මේ වනවිට රැකියාවේ නිරතව සිටින බහුදින ධීවර යාත්‍රා වෙත ද ආරක්‍ෂිත ප්‍රදේශ හරහා ගමන්කරන ලෙසට දැනුම්දී ඇති බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


advertistmentadvertistment