අධිකරණ ඇමැතිගේ ප්‍රකාශය වගකීම් විරහිතයි

2

අධිකරණ සේවා සංගමයෙන් නිවේදනයක්

අධිකරණ ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තු විවාදයක් අතරතුර අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් කළ ප්‍රකාශය වගකීම් විරහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ඊයේ (24දා) අවධාරණය කළේය.

සමස්ත අධිකරණ පද්ධතියට බලපෑම් වන පරිදි ඉදිරිපත් කළ එම විවේචන සත්‍ය අසත්‍ය වෙන්කර නොගෙන නඩුකරයන්වලදී අධිකරණය මගින් නිත්‍යානුකූලව නිකුත් කළ තීන්දු හා නියෝගවලින් අතෘප්තියට පත්ව අපක්‍ෂපාතී විනිශ්චයකාරවරුන් අපකීර්තියට පත්කිරීම සඳහා සිදුකරන ලද්දක් බව තම නිරීක්‍ෂණය බවද නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්වේ.

අධිකරණ පද්ධතිය තුළ විනිශ්චයකාරවරුන් අපකීර්තියට පත්කිරීම සඳහා ඉලක්කගත ව්‍යාපෘතියක් දියත් වෙන බවට සැකයක් මෙම කරුණු තුළින් තහවුරු වන බවද එහි දැක්වේ. ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය දිසා සහ මහෙස්ත්‍රාත් විනිසුරුවරුන්ගෙන් සමන්විත වේ.

එම සංගමයේ සභාපති කෑගල්ල දිසා විනිසුරු රුවන් ධම්මික දිසානායක සහ ලේකම් ගාල්ල මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ යන මහත්වරුන් මෙම නිවේදනයට අත්සන් තබා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment