අධිවේගී මාර්ග ගෙවීම් අද සිට කාඩ් මගින්

31

අධිවේගී මාර්ගවල සිදු කරනු ලබන ගෙවීම් කාඩ්පත් මඟින් ගෙවීම් අද (21දා) සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය කියා සිටී.
 
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයල කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී කාඩ්පත් මඟින් මෙලෙස මුදල් ගෙවීම් සිදු කළ හැක.
 
අන්තර් හුවමාරු 35ක් සහ පිටවීමේ ගේට්ටු 119ක් තුළ අදාළ සේවා පහසුකම් අද සිට ක්‍රියාත්මක කෙරේ.


advertistmentadvertistment