අනධ්‍යයන සේවකයෝ 13,000ක් කොළඹට

91

මාසික හිලව් දීමනාව වැඩි කිරීම, 2016 වැටුප් විෂමතාවය නිවැරදි කිරීම යන ඉල්ලීම්වලට රජය පාර්ශ්වයෙන් ප්‍රතිචාර නොදක්වමින් කල්මැරීම හේතුවෙන් අනිද්දා (18දා) දහවල් විශ්වවිද්‍යාල දාහතේම අනධ්‍යයන සේවකයන් දහතුන් දහසක පිරිසක් කොළඹට කැඳවා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ භාණ්ඩාගාරික ටී. ඒ. ඩී. සුරංජිව මහතා “දිවයින ඉරිදා සංග්‍රහය” ට පැවසීය.

මෙම වැඩවර්ජනයට අදට දින 46ක් ගතවී ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

රජය පාර්ශ්වයෙන් මෙම ගැටලුව විසඳන බවට පුරසාරම් දෙඩුවද මෙතෙක් එය විසඳා නැතැයිද හෙතෙම කීය.

මෙලෙස රජය පාර්ශ්වයෙන් ගැටලු නොවිසඳීම නිසා විශ්වවිද්‍යාල සිසු දරු දැරියන්ගේ අධ්‍යයන කටයුතු හා පරිපාලන කටයුතු මුළුමනින්ම බිඳ වැටී ඇතැයිද හේ සඳහන් කර සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment