අනුරපුර රෝහලේ වැඩ වර්ජනයෙන් රෝගීහු දැඩි අපහසුතාවට

51

ආර්ථික යුක්තිය ඉටු කිරීමට අදාළව ඉදිරිපත් කළ ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යාංශය විසඳුම් ලබා නොදීම හේතුවෙන්, එයට විරෝධය පළකරමින් උතුරු මැද පළාතේ පැවැත්වෙන වැඩ වර්ජනයට සමගාමීව ඊයේ (9 දා) අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක නිරත වූහ.

හෙද, අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා වැඩි කළ වැටුප් දීමනාව වහා ලබාදෙන ලෙස ඉල්ලා, දිවයිනේ පළාත් මට්ටමින් පැවැත්වෙන වැඩ වර්ජනයට සමගාමීව ඊයේ (9දා) උදෑසන 8 සිට දහවල් 12 දක්වා මෙම සංකේත වැඩ වර්ජනය පැවැත්වූහ.

මේ සඳහා රජය නිසි විසඳුමක් ලබා නොදුනහොත් දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වැඩ වර්ජනයේ යෙදී සිටි පිරිස් පැවසූහ.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි රෝගීහු දැඩි අපහසුතාවයට පත්ව සිටියහ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment